Category Archives: Uncategorized

උසාවියේ අසන නඩු සේ ලියැවෙන, කියැවෙන සෙත්කවි …


 

දෙවන කොටස

 

මෙසේ ලියැවෙන සෙත්කවිය තනිවම නිවැරදි අක්‍ෂර උච්ඡාරණය කිරීමේ හා වචන බෙදී යන තැන්හි නිවැරදි පද බෙදීමක් සහිතව ගායනා කළ හැකි අයෙකුට තමාගේ අපලයට ලියැවුන සෙත්කවිය තමාටම ගායනා කරගත හැකි වන්නේ නමුදු ගම් සභා උසාවියකට හෝ මහෙස්ත‍්‍රාත් උසාවියකට හෝ මහාධිකරණයකට හෝ නොපිවිස නඩුවක් පාරේ හෝ බොක්කුවක් උඩ වාඩි වී හෝ මංසන්ධියක නැවතී හෝ කථා කළ නොහැකිවාක් මෙන් ඊට අදාළ ස්ථානයක් වෙත යොමු විය යුතු වීම අනිවාර්යය කටයුත්තක් වන බව සිහි තබා ගත යුතුය.

 

තමුනට ස්වෛරීව තනිවම සෙත්කවිය කියවීම සඳහා හැකියාව තිබූව ද ගම් සභා උසාවියක් හෝ මහෙස්ත‍්‍රාත් උසාවියක් හෝ මහාධිකරණයක් රැස් කිරීමට තමුනට බලතල ඇත්තේ තමුන් ඒ සඳහා අදාළ පටිපාටිය අනුගමනය කරමින් නඩුගොණුව සකසා නීතිය හා සාමය රකින පාර්ශවයන් මගින් අදාළ උසාවිය වෙත නඩු ගොණුව යොමුකරවීමෙන් පමණි.

 

නැතිනම් නීතිය හා සාමය රකින පාර්ශවය වෙත තමනට වූ අසාධාරණය ඉදිරිපත් කර ඊට අදාළ පැමිණිල්ල ඔවුනට ප‍්‍රථමයෙන් යොමු කළ යුතු වෙයි. එවිට ඔවුන් එම කාරණයට අදාළ ව නඩුවක් ගොණුකර උසාවියට ඉදිරිපත් කරයි. නැතිනම් තමුන් උසාවියට නඩු ගොණුවක් යොමු කිරීමට බලතල ඇති නීතීඥවරයෙක් මාර්ගයෙන් තම අසාධාරණයට අදාළ සිද්ධිය නඩු ගොණුවක් වශයෙන් ඉදිරිපත් කළ යුතුය. එවිට උසාවිය සියළු පාර්ශවයන් කැඳවා සිද්ධියට අදාළ අසාධාරණයට ලක් වූ අයට නිසි සාධාරණ විශ්චයක් තර්කාණුකූල සාක්‍ෂි මතින් ලබාදෙයි.

 

මෙම සිදුවීම පුද්ගලයාට බලපාන ග‍්‍රහ අපල සඳහා ලියැවෙන කියැවෙන සෙත්කවියට අදාළ වන්නේ කවර නම් ආකාරයකට ද යන්න විමසා බැලිය යුතුය.

 

උසාවිය රැස්කිරීමේ බලතල යනු සියළු දේවතා කොට්ඨාශ හා අමනුෂ්‍ය කොට්ඨාශ රැස් කිරීමට අවශ්‍ය ස්තෝත‍්‍ර, යාදිනි, කන්නලව් ආදිය දැනසිටීම වශයෙන් පෙන්වාදිය හැකිය. එසේම නීතිය හොඳින් උගත් නීතීඥවරයෙකු වෙත යොමු වී තමන්ට සිදු වූ අසාධාරණය පැහැදිළි කළ යුතුවාක් මෙන් තමන්ගේ ග‍්‍රහ අපලයට අදාළ සෙත්කවිය රචනා කිරීමට ප‍්‍රථමයෙන් තමුනට බලපාන ලද ග‍්‍රහ අපලය කුමක් ද යන්න නිශ්චය කර ගැනීමට දක්‍ෂ දෛවඥවරයෙකුගේ පිහිට ලබාගත යුතු වෙයි.

 

එවිට හෙතෙම අදාළ පුද්ගලයාට බලපාන ලද ග‍්‍රහ අපලය කුමක් ද යන්නත්, ඔහුට හෝ ඇයට හිමි වූ කේන්ද්‍ර සටහන නැතිනම් විශ්ව ග‍්‍රහ සිතියම පරීක්‍ෂා කොට ඊට අදාළව ගණ පිහිටුවා සෙත්කවිය රචනා කළ යුත්තේ කවර නම් දෙවි කෙනෙකුන්ගේ පිහිට අයැදිමින් දැයි සොයාගනිමින් එම දේවතාවුන් කෙරෙහි භක්තිවන්තව සෙත්කවිය රචනා කරයි.

 

එසේම නඩු ගොණුව උසාවියට භාර දීම සඳහා උසාවියට යා යුතු බැවින් දේවාලයකට හෝ බොධියක් වෙත යොමු වී ග‍්‍රහ දේවතාවුන්ට, සම්මුති දේවතාවුන්ට සහ වෙනත් අමනුෂ්‍ය කොට්ඨාශයකට අ`ඩගැසිය යුතු නම් ඒ අයට ද එතැනට රැුස්වන ලෙස ආරාධනා කළ යුතුය. මේ සඳහා එකී කොට්ඨාශයන් වෙත ආමන්ත‍්‍රණය කිරීමට ස්තෝත‍්‍ර, යාදිනි, කන්නලව් ආදිය භාවිත කිරීමට සිදු වෙයි. ඒ සඳහා එකී ස්තෝත‍්‍ර යාදිනි, කන්නලව් කළ හැකි දේවගැතිවරයෙකු සොයා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වෙයි.

 

උසාවියේ දී නීතීඥවරයාගේ ගාස්තුව ගෙවන්නාක් මෙන්ම අදාළ සෑම පාර්ශවයන් වෙතම පුද පිදවිලි ලබා දිය යුතු වෙයි. මේ සඳහා කැවිළි, පළතුරු, මල්, බුලත්, දෙසඳුන්, සුවඳදුම් සහ පහන් ආලෝකය ලබාදීම අනිවාර්යය වෙයි. අමනුෂ්‍ය කොට්ඨාශයන් වෙත් නම් පුළුටු, දියගොඩ මස් ආදිය ද ඇතැම් විට තැබිය යුතුවෙයි. ඒවායේ අඩුපාඩුවක් වූයේ නම් තමුන් බලාපොරොත්තු වන්නා වූ යුක්තිය ඉටුකරවාගැනීමට යම් යම් ප‍්‍රමාදයන් ඇති වන්නේ නඩුවක් ඊළඟ නඩු වාරයට කල්තැබීමෙන්  දික්ගැසෙන්නාක් මෙනිය.

 

නඩුවක් විනිශ්චය කරන අවස්ථාවේ දී විනිසුරුවරයාට ආමන්ත‍්‍රණය කිරීමට නීතීඥවරුන්ට වඩා තෝල්ක තැනට බලතල ඇතිවාක් මෙන් එකී ස්තෝත‍්‍ර යාදිනි, කන්නලව් කළ හැකි දේවගැතිවරයෙකු, කපු මහතෙකු හෝ විහාරස්ථානයක නම් දක්‍ෂ චන්දස් ශාස්ත‍්‍රයෙහි කෙළ පැමිණි යතිවරයාණන් කෙනෙකු ඒ සඳහා වඩාත්ම සුදුසු වෙයි.

 

ඔවුන් ළවා තමුන්ගේ අපළයට ලියැවෙන සෙත්කවිය කියවාගැනීම මෙහි දැක්වෙන පිළිවෙල අනුගමනය කරමින් කරන්නේ නම් ඉතා ඉක්මන් සාර්ථක අත්දුටු ප‍්‍රත්‍යක්‍ෂ ප‍්‍රතිඵල ලබා ගත හැකි වන්නේය. වසර ගණනාවක් තිස්සේ රාජගිරිය, මාදින්නාගොඩ ග‍්‍රාමයේ සුවහසක් දනන් වෙනුවෙන් අප විසින් රචනා කොට ගායනා කරන ලද අපමණ සෙත්කවිවලින් සාර්ථක ප‍්‍රතිඵල අත්දුටු බව සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍යපාද දොඩම්ගොල්ලේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ සාක්‍ෂි දරණ බව අප‍්‍රමාණ බැතියෙන් සොම්නස් හදින් සිහිපත් කරමි.

 

එම්. එම්. රෝහණ වසන්ත.

Advertisements

උසාවියේ අසන නඩු සේ ලියැවෙන, කියැවෙන සෙත්කවි …


උසාවියකට වැස්සකට වත් ගොඩ වෙන්න එපා යයි අපේ පැරණි කියමනක් ඇති බව ඔබ අසා ඇතිවාට සැකයක් නැත. එසේම ඉඩම් නඩුවත් දික්කසාද නඩුවත් නිමක් දැකිය නොහැකි නඩු ගණයෙහිලා සලකන නඩු වශයෙන් නීති ක්‍ෂේත‍්‍රයෙහි සිටින අය පමණක් නොව සාමාන්‍ය ජනයා පවා වඩාත් හොඳින් දන්නා කරුණක් වශයෙන් පෙන්වාදිය හැකිය.

මෙම ලිපිය උසාවි නඩු පටිපාටිය පිළිබඳ කරුණු ගෙනහැර පාන ලිපියක් ද? යන පැණය මෙම ලිපිය කියවන ඔබට ඇතිවිය හැකිය. එය සාධාරණය. නමුත් එය එසේ නොවේ. ඊට හේතුව, මිනිසාට ඇතිවන ග‍්‍රහ අපල දුරු කර ගැනීම සඳහා කියවන සෙත්කවිය පිළිබඳ සමාජ නීති විද්‍යාත්මක විග‍්‍රහයක් ඉදිරිපත් කිරීම මෙම ලිපියෙහි පරමාර්ථය වන බැවිනි.

සාමාන්‍යයෙන් උසාවි නඩු පටිපාටියේ දී අනුගමනය කරන යම් ක‍්‍රමවේදයක් වෙයි. එනම්, යම් සිද්ධියක් විය යුතුය. එසේ වන සිදුවීම අරබයා අසාධාරණයට ලක් වන්නෙකු එක් පාර්ශවයක වෙයි. එසේම සිද්ධියට අදාළ අනෙක් පාර්ශවයන් කවුරුන්දැයි හඳුනාගැනීම ප‍්‍රථමයෙන්ම කළ යුතු වෙයි. එම පාර්ශවයන් මෙසේ පෙන්වාදිය හැකිය

x අසාධාරණයට ලක්වන්නා කෙරෙහි ඇති වූ අසාධාරණය සිදු කරන ලදැයි චූදිත විත්තියේ පාර්ශවය

x නීතිය හා සාමය රැකීමේ පාර්ශවයx නීතිය හා සාමය රැුකීමේ පාර්ශවයට අනුගතව සිටින තොරතුරු රැස්කිරීමේ හා ඔත්තු විමසීමේ පාර්ශවය

x සිද්ධියට අදාළ කරුණු ගොණු කිරීම සිදු කරන නීතිවේදී පාර්ශවය

x ගොණුකරන ලද කරුණු ඉදිරිපත් කළ යුතු උසාවි පාර්ශවය

x උසාවි පාර්ශවයේ දී ගොණුකරන ලද කරුණු විනිශ්චය සඳහා ඉදිරිපත් කරන තෝල්ක පාර්ශවය

x සිද්ධිය සම්බන්ධයෙන් කරනු ලබන විභාගය පවත්වන විනිශ්චය පාර්ශවය

x අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු හෝ වෙනත් ලිඛිත හා අලිඛිත සාක්‍ෂි සපයන පාර්ශවයන්

x විත්ති පාර්ශවය අදාළ සිදුවීමට වූදිත වරදේ ස්වභාවය අනුව දණ්ඩණයට ලක් කළ යුතු නම් ද`ඩුවම් ලබාදීමේ හෝ බන්ධනාගාර ගත කිරීමේ හෝ සේවයේ නියුතු පාර්ශවය

මෙම පාර්ශවයන් සියල්ල උසාවිය වටා ගොණු වී ඒ තුළ රැුඳෙමින් අදාළ සිදුවීම පිළිබඳ නඩුව විමසීමට ලක් කෙරෙයි. මෙහි දී ප‍්‍රථමයෙන් තෝල්ක පාර්ශවය වෙත නීතිවේදී පාර්ශවය මගින් ගොණු කර ඉදිරිපත් කරන ලද සිදුවීම විනිශ්චය පාර්ශවය වෙත යොමු කරයි. එසේම විනිශ්චය පාර්ශවය එතැන් සිට අදාළ සිදුවීමට සම්බන්ධ සියළු සාක්‍ෂි විමසීමට ලක් කරනු ලබයි. සාක්‍ෂි විමසීමේ දී සිද්ධියට අදාළ සියළු සාක්‍ෂි පාර්ශවයන් උසාවියට ගෙන්වා සාක්‍ෂි විමර්ශනයට ලක් කිරීම සාමාන්‍ය උසාවි පටිපාටියයි.

මෙසේ සියළු සාක්‍ෂි විමසීමෙන් අනුතුරුව සාක්‍ෂි මතින් වරද ඔප්පු වූයේ නම්, අසාධාරණයට ලක් වූ පාර්ශවය වෙත වන්දි ලබා දීමට ද විත්තියේ පාර්ශවය වරද පිළිගැනිම හෝ නොගැනීම අනුව සහ වරදේ ස්වභාවය අනුව ලබාදිය යුතු ද`ඩුවම විනිශ්චය පාර්ශවය විසින් තීරණය කරනු ලැබේ. ඒ අනුව  ද`ඩුවම් ලබාදීමේ හෝ බන්ධනාගාර ගත කිරීමේ හෝ සේවයේ නියුතු පාර්ශවය මගින් අදාළ වූදිත වැරදිකාර පාර්ශවය වෙත ද`ඩුවම් පමුණුවනු ලැබේ.

මෙම උසාවි නඩු පටිපාටිය දෙස විමසිලිමත්ව බැලීමේ දී පුද්ගලයාට ඇතිවන ග‍්‍රහ අපල දුරු කර ගැනීම සඳහා ලියවනු ලබන හා කියවනු ලබන සෙත්කවි ද එම සෙත්කවි කියවිය යුතු ආකාරය ද සෙත්කවි කීමේ දී ආරාධනා කළ යුතු දේවතා පාර්ශවයන් කවරේ ද යන කරුණු පිළිබඳව ද වඩාත් ගැඹුරු අවබෝධයක් ලබාගත හැකි වන අතරම අවබෝධයෙන් යුතුව එය අනුගමනය කිරීමෙන් අදාළ ග‍්‍රහ අපල දුරුකර සෙත ශාන්තිය ළඟාකර ගත හැකි වන බව පැවසිය යුතුය.

මේ අනුව පුද්ගලයාට ඇතිවන ග‍්‍රහ අපලය යන්න කුමක් ද කියා ප‍්‍රථමයෙන් විමසා බැලිය යුතුය. පුද්ගලයාට පුද්ගලයා විසින්ම සිදුකරනු ලබන කර්මයේ ස්වභාවය අනුව ලැබෙන විපාකය ක‍්‍රියාත්මක කිරීම සඳහා උපකාරී විශ්ව පාරිසරික සාධක වශයෙන් ග‍්‍රහ අපලය පෙන්වා දිය හැකිය. පුද්ගලයා විසින්ම සිදුකරනු ලබන කර්මයේ ස්වභාවය අනුව ලැබෙන විපාකය ක‍්‍රියාත්මක කිරීම සඳහා උපකාරී වන විශ්ව පාරිසරික සාධක ග‍්‍රහදේවතාවුන් ලෙසින් දේවත්වයට පමුණුවා ඇති බව මෙහි දී ප‍්‍රථමයෙන්ම පෙන්වාදිය යුතුය.

මේ අනුව ග‍්‍රහ දේවතාවුන් නියෝජනය කරන පුද්ගල කර්මයේ විපාක ශක්තිය වෙත අමන්ත‍්‍රණය කිරීමේ සූත‍්‍රයක් නැතිනම් ක‍්‍රමවේදයක් චන්දස් ශාස්ත‍්‍රයෙහි දක්වා ඇත. ඒ නිවැරදි ගණ පිහිටුවා ගොඩනගන සෙත්කවියයි. නැතිනම් ලිපියේ ප‍්‍රධාන තේමාවේ දක්වන ලද නීතිමය කරුණු සැළකිල්ලට ගනිමින් ගොඩනගන ලද නඩු ගොණුවයි.

මෙම නඩු ගොණුව නැතිනම් සෙත්කවිය තෝල්ක තැන විසින් විනිශ්චය පාර්ශවය වෙත යොමු කළ යුතු වෙයි. සෙත්කවියට අදාළව විනිශ්චය පාර්ශවය හා තෝල්ක පාර්ශවය කවුරුන්දැයි විමසා බැලිය යුතුය. තොල්ක පාර්ශවය වශයෙන් සෙත්කවියේ දී ඉදිරිපත් වන්නේ සෙත්කවිය කියවන තැනැත්තාය.

නීතිය පිළිබඳ අවබෝධය ඇති හා නීතිය උගෙන ඇති යම් පුද්ගලයෙකුට තනිවම තමන්ගේ නඩුවක් උසාවියේ විනිශ්චය සඳහා ඉදිරිපත් කොට ඒ සඳහා කථාකිරීමට නීතියෙන් අවසර ඇතිවාක් මෙන්ම සෙත්කවිය ද නිවැරදි අක්‍ෂර උච්ඡාරණය කිරීමේ හා වචන බෙදී යන තැන්හි නිවැරදි පද බෙදීමක් සහිතව ගායනා කළ හැකි අයෙකුට තමාගේ අපලයට ලියැවුන සෙත්කවිය තමාටම ගායනා කරගත හැකිය.

නමුත් අනෙක් පාර්ශවයේ සිටින්නේ නීතිය හොඳින් දත් නීතිය ඉගෙනගත් නීතිවේදීන් බැවින් තනිවම සෙත්කවි ගායනය හෝ තනිවම උසාවියේ නඩුවක් ඉදිරිපත් කර යුක්තිය ලබාගැනීමට කථා කිරීම දැලිපිහියෙන් කිරි කනවා වැනි තත්වයක් බව සිහි තබා ගත යුතුය. එසේ නොමැති වූ අවස්ථාවන්හි දී අපලයට ලියැවුන සෙත්කවිය ගායනයේ දී ඇති වූ දොස් හේතුවෙන් එයින් වස්කවියක ප‍්‍රතිඵල අත්විඳීමට සිදු වී ඇති අවස්ථාවන් බොහොමයක් අප අත්දැක ඇති බව පෙන්වා දිය හැකිය. නමුත් මේ අතර තනිවම උසාවියේ තමුන්ගේ නඩුව ඉදිරිපත් කර යුක්තිය ලබාගත් අය වැනි සෙත්කවි තනිවම ගායනා කිරීමෙන් යහපත් ප‍්‍රතිඵල ලබාගත්තවුන් අතළොස්සක් ද අපගේ අත්දැකීම් නැමති ඉදිහාස පොතේ ලියැවී ඇති බව ද සඳහන් කළ යුතු ය.

මතු සම්බන්ධයි

ඉංග‍්‍රීසි ජ්‍යෝතිෂ පාඩම් එම්පී 3 ෆෝර්මැට් එකෙන්


ඉංග‍්‍රීසි ජ්‍යෝතිෂ පාඩම් එම්පී 3 ෆෝර්මැට් එකෙන් බාගන්න පුළුවන් මෙතනට ගියෝත්
© M. M. Rohana Wasantha

ජගන්නාත් ජ්‍යෝතිෂ මෘදුකාංගයෙන් වැඩ කරන විට අවශ්‍ය කරන වෙනත් දෑ


ජගන්නාත් ජ්‍යෝතිෂ මෘදුකාංගයෙන් වැඩ කරන විට අවශ්‍ය කරන වෙනත් දෑ, නැතිනම් එහිදී භාවිත කළ යුතු වෙනත් සම්පත් ඇති තැනකට පාර මෙකයි. ඔබට එහි ඇති සම්පත් භාවිත කළ හැක්කේ ඉංග‍්‍රීසි භාෂා ඥානය
ඇති නම් පමණක් බව කරුණාවෙන් සළකන්න.

Jyotish Writings of P.V.R. Narasimha Rao


      Vedic Astrology: An Integrated Approach (textbook published in 2000)   NEW
      Impact of Transit Conjunctions on Natal Points: A Research   NEW
      Transits and Vimsottari Dasa Progression: A Specific Correlation   NEW
      Padamsas and Tranits: A Research Finding   NEW
      Transit of Nakshatra Dasa Lord: A Specific Principle
      Stationary Planets in Transit (A Research)
      Parasara’s Atma Karaka Kendradi Graha Dasa
      Parasara’s Kala and Chakra Dasas
      Parasara’s Sthira Dasa
      Parasara’s Drigdasa
      Parasara’s Chara Karakas



© M. M. Rohana Wasantha 0714161082/0755315682

බාගන්න ලින්ක් එක නැවතත් / ජගන්නාත හෝරා 7.4 ජ්‍යොතිෂ මෘදුකාංගය


සොෆ්ට්වෙයාර් එක බාගන්න ලින්ක් එක කළින් මම ලියපු පෝස්ට් එකට ගියා නම් සිම්පල්. එන්න ඒ පෝස්ට් එකට. එතනට ගිහින් ඒක බාගත්තෙ නැති අය බාගන්න. මෙන්න ඒ පෝස්ට් එකට පාර
Wednesday, August 25, 2010 දින ලියූ පෝස්ට් එක ‘ජගන්නාත හෝරා 7.4 ජ්‍යොතිෂ මෘදුකාංගය
© M. M. Rohana Wasantha 0714161082/0755315682

ජගන්නාත් හෝරා ජ්‍යෝතිෂ මෘදුකාංගය භාවිතා කොට කේන්ද්‍රයක් සෑදීම


පළමු පාඩම
ඔබ අප විසින් පෙන්වා දුන් අන්තර්ජාල ලිපිනයෙන් බාගත කරන ලද මෘදුකාංගය මේ වන විටත් ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර ගෙන ඇතැයි සිතමු. අප මෙම පාඩම් මාලාව තුළින් එම මෘදුකාංගය භාවිත කොට කේන්ද්‍රයක් සාදා ගන්නා ආකාරය ඔබට කියා දීමට අදහස් කරමු.

ප‍්‍රථමයෙන්ම ඔබගේ පරිගණකයේ ආරම්භක මෙනුවෙන් ව්‍යාපෘති යටතේ දක්වා ඇති ජගන්නාත් හෝරා මෘදුකාංගය තෝරා ඒ මත වරක් කොටන්න.

From JH 7.4

අනතුරු පහත දැක්වෙන තිරය ඔබගේ පරිගණකය මත දිස්වෙයි.

From JH 7.4

මෙවන විට ඔබ පළමුව කළ යුත්තේ ඔබගේ භාෂාව තෝරාගැනීමයි. ඒ සඳහා පඑත රූප සටහනෙහි දැක්වෙන පරිදි ප්‍රෙෆරන්ස් මෙනුවේ රිලේටඞ් ඩිස්ප්ලේ යටතේ ඇති චාර්ට් ස්ටයිල් ඇන්ඞ් ලැන්ග්වේජ් යන්න තෝරාගන්න.

From JH 7.4

කේන්ද්‍ර සටහනෙහි ග‍්‍රහයින්ගේ නම් පෙන්විය යුතු භාෂාව පළමුවෙන්ම තෝරා ගන්න එය ඉංග‍්‍රීසි භාෂාව තෝරාගන්න.

කේන්ද්‍ර සටහන උතුරු ඉන්දියානු දියමන්ති හැඩයේ ආකාරය තෝරාගන්න.

From JH 7.4
ග‍්‍රහයින්ගේ නම් සංස්කෘත භාෂාවෙන් පෙන්වන ලෙස දක්වන්න.
From JH 7.4
රාශි දක්වන අවස්ථාවේ දී ද සංස්කෘත භාෂාව තෝරන්න. එවිට ඔබට හුරු පුරුදු සූර්ය, චන්ද්‍ර, මංගල, බුධ, ගුරු ආදී ග‍්‍රහ නාමත් මේෂ, වෘෂභ, මිථුන ආදී රාශි නාමත් නිසි ආකාරයට දිස්වෙයි.

අනතුරුව ඔබ කළ යුත්තේ කේන්ද‍්‍රය සාදා ගැනීමට අවශ්‍ය පියවර සළකා බැලීමයි’ මෙහිදී පහත දැක්වෙන තිර සටහන් පෙළ ඔබට ඊට මග පෙන්වයි’ 


From JH 7.4
එහි fâටා යනුවෙන් ඔරලෝසු මුහුණතක් ඇති බොත්තමක් දෙවන තීරුවෙහි දැක්වෙයි’ එය මතට ඔබේ මවුසය ගෙන ගිය විට එඩිට් බර්ත් ඬේටා යනුවෙන් ටිප් එකක් දිස්වේවි’ එය මත එබීමෙන් පහත තිරය ලබා ගත හැකිය’

From JH 7.4
© M. M. Rohana Wasantha

Commented on නැකැත් පාගා යන ගමන යමු. ජය සතුට ගෙන යළි ගෙදර එමු


Wisdom for All said…

ඇත්තටම මේක චූල නක්‍ෂත‍්‍රයට වැටෙන එක් ක‍්‍රමයක් තමයි. “මේකේ තව ප්‍රශ්නයක් තිබෙනවා,එදිනට නියමිත සුභ කකුල(වම,දකුණ) මොකක්ද කියල හොයා ගන්න ක්‍රමයක් දාලා නැති එක.” විශේෂයෙන් චූල නක්‍ෂත‍්‍රයේ දී මේක කරන ආකාරය වෙනම දක්වා තිබෙනව. ඔයා දක්වල තියෙන විදියට සතියේ දින හතට අනුව මහා නක්‍ෂත‍්‍රයේ දී ඔක්තේ දිනවල දකූණු පයත් ඉරට්ටේ දිනවල වම් පයත් තබා යන ගමන මෙයට යොදාගන්න බැහැ. මොක ද මේක චූල නක්‍ෂත‍්‍රයට වැටෙන නැකැත් සාදාගන්නා ක‍්‍රමයක් නිසා. චූල නක්‍ෂත‍්‍රයට අනුව සතියේ දිනට අනුභවයට සුදුසු අහරක් ගෙන තමන්ගේ වම් සහ දකුණු නාස්පුටයන්ගෙන් වඩාත් හොඳින් හුස්ම වැටෙන පැත්තේ පය පෙරට තබා ගමන් ආරම්භය සුභ බව සළකන්න.චූල නක්‍ෂත‍්‍රයට අනුව සතියේ දිනට අනුභවයට සුදුසු ාහාර වර්ග මොනවාද යන්න පිළිබඳව සැළකීමේ දී දවසේ පාලනය භාර ග‍්‍රහදේවතාවාට සුදුසු ආහාරය ගත යුතු බව සිහිපත් කළ යුතුය.

එම්. එම්. රෝහණ වසන්ත 0714161082

© M. M. Rohana Wasantha