Category Archives: Philosophy

ඉරණම නැමැති පරිගණක මෘදුකාංගයේ දෝෂහරණ ක්‍රමවේදය


(තෙවන කොටස – ඉරණම නැමති මෘදුකාංගය ලියන පරිගණක භාෂාව දෝසතරයි)

පරිගණක ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබන මෘදුකාංගයන්ගේ පවතින දෝෂහරණ ක්‍රියාවලියක් ඇත. සාමාන්‍යයෙන් මෘදුකාංගයක පැවතිය හැකි දෝෂ වර්ගයන් කවරේදැයි ප්‍රථමයෙන් හඳුනාගත යුතුය.

විධාන කේතන දොෂ – Syntax Errors
වැරදි දත්ත ඇතුල් කිරීම – Invalid Data Input
ක්‍රියාත්මක වීමේ දී ඇතිවන දෝෂ – Executable Errors

මෘදුකාංග ආශ්‍රිතව පවතින දෝශ නිශ්චයේ දී සාමාන්‍යයෙන් සිදු කරන ක්‍රියාවලිය නම් එහි අවසන් ප්‍රතිඵලය මත නැතිනම් Output එකෙහි දිස්වන රෝග සංකූලතාවයන් අනුව එය නිශ්චය කරනු ලැබීමයි. එහි දී ඇතිවන රෝග ලක්ෂ ණ මූලිකව තුන් ආකාරයක් ගනී. එම තුන් ආකාර රෝග ලක්ෂලණ අනුව නිශ්චය කළ හැකි දෝෂයන් ද තුන් ආකාරයක් ගනියි.

ඉහත පෙන්වා දුන් විධාන කේතන දොෂ – Syntax Errors යනු මෘදුකාගංය නිර්මාණය කිරීමේ දී ඇතිවන අනවබෝධය මත සහ පද්ධති විධාන – System Commands පිළිබඳ අවබෝධයකින් තොරව මෘදුකාගය නිර්මාණය කිරීමෙන් ඇතිවන දෝෂයි.

පුද්ගලයෙකු සිය දෛවය නැතිනම් ඉරණම පිළිබඳව සැලකීමේ දී වත්මන් දිවියෙහි අනාගතය සඳහා බලපාන ඔහු හෝ ඇය විසින් පෙර භවයන්හි සිදු කරන ලද ක්‍රියාවන් හි ප්‍රතිඵලය, ක්‍රියාවන්ට අනුරූපව විකාශය වෙයි. ඒ අනුව අනුන්ට මෙන්ම තමන්ට ද යහපත් ප්‍රතිඵල ඇති කරන කර්ම සහ අනුන්ට මෙන්ම තමන්ට ද අයහපත් ප්‍රතිඵල ඇති කරන කර්ම යනුවෙන් ක්‍රියාවන් දෙආකාරයකට වර්ග කළ හැකිය.

මෙම දෙආකාරයේ ක්‍රියාවන් අනුව ඒවායේ ප්‍රතිඵලය ද දෙආකාර වෙයි. මෙම දෙආකාර ප්‍රතිඵලය ඇති කිරීම සඳහා පුද්ගලයා විසින් චේතනාත්මකව සිදු කරන ක්‍රියාවන් අනුව පුද්ගල ජීවිතය නැමති පද්ධතියේ සංකූලතාවන් හටගනී. මෙම සංකූලතාවන් හා ඝඨනාත්මක සංසිද්ධීන් පුද්ගල චේනතාව අනුව ක්‍රියාත්මක වෙයි. නමුත් මෙම චේතනාත්මක ක්‍රියාවන් දෙස බැලීමේ දී ඒවායේ විධානමය චේතනාත්මක භාවය අත්තබ්බ්යා බාධාය (තමුන්ට අහිත පිණිස පවතින) හා පරබ්බ්යාවබාධාය (අනුන්ට අහිත පිණිස පවතින) යන තත්වයන් මත සිදුකරන ක්‍රියාවලීන් මතින් ඇතිවන ඒවා ලෙස හඳුනාගත හැකිය.

කළ යුත්ත හා නොකළ යුත්ත යන දෑ මතින් ඇතිවන සංකූලතාවන් වැරදි දත්ත ඇතුල් කිරීමේ – Invalid Data Input දෝෂ වශයෙන් හඳුනා ගත හැකිය. මෙම තත්වයන් මත ඇතිවන සංකූලතාවන් බොහො විට අපට වැලැක්වීමට ඇති ඉඩ අහුරාලයි. මේවා බෞද්ධ විගරවයනයට අනුව පෙන්වා දී ඇත්තේ ආනන්තරිය කර්ම වශයෙනි. මෙම ආනන්තරිය කර්ම යහපත් හා අයහපත් යන දෙආකාරයෙන්ම පවතින අතර ඒ ඒ ක්‍රියාවන්ගේ පවතින තත්වයන් අනුව ඒවාට අදාළ සංකූලතාවන් පුද්ගල ජීවිතයෙහි පෙන්නුම් කරයි.

ක්‍රියාත්මක වීමේ දී ඇතිවන දෝෂ – Executable Errors බොහෝ විට ඇතිවන්නේ පාරිසරික සාධක මතය. මෙය පාරිසරික පදනම් දෝශ – Platform Errors වශයෙන් ද අපට හඳුනාගත හැකිය. මෙම පාරිසරික පදනම් දෝශ – Platform Errors බොහෝ විට පුද්ගලයා ජීවත්වන පාරිසරික වටාපිටාව මත තීරණය වන ඒවාය.

පොදුවේ ගත් කල මෙකී දෝෂයන් හරණය කිරීමේ ක්‍රියාවලිය තුළ ප්‍රමුඛතාව ගන්නේ මේ සඳහා නැතිනම් මෙම දෝෂයන් තහවුරු කර ගැනීමට භාවිත කරන ක්‍රමවේදය කුමක් ද යන්න මතය.

මෙහිදී පුද්ගල දෛවය නැමති මෘදුකාංගය සංකේතනය වී ඇති එකක් වන බැවින් විකේතන ක්‍රියාවක් සඳහා භාවිත කළ යුතු සංකේතන ක්‍රියාවලියට අදාළ නැතිනම් එය නිර්මාණය කරන ලද විධානයන්ගේ විචල්‍යයන් – Variables නිර්ණය කළ යුතු වෙයි.

මෙම විචල්‍යයන් Variables නිර්ණය කිරීමේ දී එය විචල්‍යයක් බව දැක්වීම, විචල්‍යයට අදාළ යෙදුම කුමක් ද යන්න පැහැදිළි කිරීම සහ විචල්‍යය නිර්ණය කර නැතිනම් නිර්වචනය කර දැක්වීම යන ප්‍රධාන පියවර තුන අනුව සිදු කළ යුතු වෙයි.

ඇත්තෙන්ම පුද්ගල දෛවය යන මෘදුකාංගය විකේතන – Decode ක්‍රියාවලියකට යොමු කිරීමේ දී එහි සංකේතන – Composed ස්වභාවය තේරුම් ගත යුතු කරුණකි. මෙම සංකේතන ක්‍රියාවලියේ දී සංකේතනයේ ස්වභාවය කවර සාධක අනුව සිදු වී ඇත්තේ ද යන්න ප්‍රථමයෙන් විමර්ශනය කළ යුතු වෙයි.

භවාන්තරය නමැති සංකේතනය පුද්ගල දෛවය යන මෘදුකාංගයේ පවතින බැවින් එහි පවතින්නේ අඳුරකි. ස්වභාවයෙන්ම පරිගණක භාෂාවක් යනු පරිගණකයට ආදාන දත්ත ප්‍රවේශ කරවීමේ දී යන්ත්‍ර භාෂාව වන 0 සහ 1 නැතිනම් විද්යුාත් ධාරා සංඥාව බිඳවැටීම සහ පැවතීම යන කේතයන් දෙක බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය (Encode -කේතනය) මෙන්ම යන්ත්‍ර භාෂාමය යෙදුමක අර්ථය සාමාන්‍යය ව්‍යවහාරික භාෂානුයුක්තව අරුත් ගැන්වීම (Decode -විකේතනය) සඳහා හැකියාව ඇති මූලෝපායික සංජානන, ඉගෙනුම් හා තර්කන සිද්ධාන්ත පද්ධතියක් වශයෙන් පෙන්වාදිය හැකි බව අප කළින් දැක්වීමු.

විද්යුකත් ධාරා සංඥාව බිඳවැටීමට ප්‍රතිවිරුද්ධ දිශාවේ ක්‍රියාත්මක වන්නේ විද්‍යුත් ධාරා සංඥාව පැවතීමයි. භවාන්තරය නමැති සංකේතනයේ පවතින අඳුරට ප්‍රතිවිරුද්ධ දිශාවේ පවතින්නේ ආලෝකයයි. අඳුරේ ස්වභාවය විශ්ලේෂනය කළ හැක්කේ ආලෝකය මත පදනම්වය. ඒ අඳුර පවතින්නේ ආලෝකය මත පදනම්ව නැතිනම් ඊට සාපේක්ෂව බැවිනි.

එසේ නම් මෙම භවාන්තරය නමැති සංකේතනයෙන් යුතු පුද්ගල දෛවය යන මෘදුකාංගයේ විකේතන ශක්‍යතාව ආලෝකය පදනම් කර ගත් එකක් විය යුතුය. ඇත්තෙන්ම ජ්‍යොතීර්විද්‍යාව නැතිනම් ජ්‍යොතිෂය යන්න ආලෝකය පදනම් කරගත් විෂය ධාරාවකි.

ආලෝක ප්‍රභවයන් සහ ප්‍රතිබිම්භ වස්තූන්ගෙන් සමන්විත ජ්‍යොතිෂය ප්‍රධානත්වය දී ඇත්තේ ස්වාභාවික ආලෝක පරෝකයභවයක් වන සූර්යයාටය. එසේම ප්‍රතිබිම්භ වස්තුවක් සේ සැලකන චන්ද්‍රයා දෙවැනි තැන තබා ඇත. පුද්ගලයාට බලපාන දෛවය නැතිනම් ඉරණම විමසා බැලෙන ක්‍රියාවලියේ කේන්ද්‍රස්ථානය පුද්ගලයා වන බැවින් ඔහු වටා නැතිනම් ඔහු ඉපදුන දිනය, වේලාව හා ස්ථානය යන සාධක තුන කේන්ද්ර කර විශ්ව ආලෝක වස්තූන්ගේ පිහිටීම සිතියම් ගත කරනු ලබයි. එය ඔබ කවුරුත් දන්නා හඳුනන පුද්ගල කේන්ද්‍ර සටහනයි.

මෙම පුද්ගල කේන්ද්‍ර සටහන මගින් එම පුද්ගලයා උපදින දිනය, වේලාව හා ස්ථානය වර්තමානය සේ සලකා ඔහු හෝ ඇය විසින් සිදුකරන ලද චේතනාත්මක ක්‍රියාවලියේ භවගාමී චර්යාවන් ලෙසින් පුද්ගලයාට ක්‍රියාත්මක පුද්ගල ඇගයුම්, චින්තන රටා, සිතුම් පැතුම්, ඇවතුම් පැවතුම් ආදියෙහි පූර්ව කර්ම පථයේ ප්‍රවාහක විපාක ධාරාව පිළිබඳ විචල්‍යයන් ගොඩනගනු ලබයි. මෙම විචල්‍යයන්ගේ නිර්ණායක තීරණය කර ඇති ස්වභාවයන් criterion සම්මත කර ඇත්තේ යථෝක්ත විකේතන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන පදනම මත පිහිටාගෙනය.

මෙම විචල්‍යයන්ගේ නිර්ණායක තීරණය කර ඇති සම්මත විෂය ධාරාවන්හි අන්තර්ගත විෂයීක ඥානය හා සම්බන්ධ වී ඇති අනෙකුත් සමාජයීය විෂයයන් කවරේද යන්න හඳුනාගැනීම කළ යුතු වෙයි. එම විෂයයන් පහත දැක්වෙන අයුරින් පෙළ ගසා දැක්විය හැකිය.

• තාරකා විද්‍යාව Astronomy
• ගණිත විද්‍යාව Mathematics
• ප්‍රක්ෂ්පණ විද්‍යාව Projection
• පරිගණක විද්‍යාව Computer Science
• උපදේශනය Counseling
• ආචාර විද්‍යාව Ethics
• ආයුර්වේද වෛද්‍යකරණය Ayurvedic Medicine
• මනෝ විද්‍යාව Psychology
• අධිමනෝ විද්‍යාව Para-Psychology
• අභිචාර Ritual
• ශබ්ධ විද්‍යාව Audio-logy
• මන්ත්‍ර, තන්ත්‍ර, ශ්ලෝක, යාදිනි, සැහැළි, කවි
• පංච තූර්ය නාද භාවිතය
• පූජා විධීන් Worship Patterns
• මූර්තිකරණය Sculpture
• කැටයම් Carvings
• චිත්‍ර හා වර්ණ සංයෝජනය Paintings and Colourings
• සැරසිලි Decoration
• නර්තනය Dancing
• ආලෝකකරණය Lightings

පුද්ගල දෛවය නැතිනම් ඉරණම නමැති මෘදුකාංගයේ විචල්‍යය යන්ගේ නිර්ණායක තීරණය කර ඇති සම්මත විෂය ධාරාවන්හි අන්තර්ගත විෂයීක ඥානය හා සම්බන්ධ වී ඇති අනෙකුත් සමාජයීය විෂයයන් චක්‍රාකාර හෝ ඉලිප්සාකාර ගමන්පථයක යෙදෙන විශ්ව වස්තූන්ගේ ස්වභාවයන්, ස්වරූපයන්, චලිතයන් හා චර්යාවන් අනුව සහසම්බන්ධිතව ගොණුකරනු ලබන තර්කණ උපන්‍යාස ගතකර එකී උපන්‍යාස ඔප්පු කර දැක්වීම සඳහා ගොඩනගන ලද විශ්ලේෂණ ක්‍රමවේද ඇසුරු කර ගනිමින් පුද්ගල දෛවය නැතිනම් ඉරණම නමැති මෘදුකාංගයේ ප්‍රතිධානය කවර ආකාරයක් ගන්නේ ද යන්න තීරණය කළ හැකිය.

එසේම පුද්ගල දෛවය නැතිනම් ඉරණම නමැති මෘදුකාංගයේ ප්‍රතිධානයේ ස්වභාවය හඳුනාගැනීම තුළින් එහි පවතින දෝෂ ඉවත් කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි උපයෝජ්‍යතාත්මක චර්යාවන් කවරේද යන්න නිශ්චය කර ගත හැකිය. දෝෂ ඉවත් කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි උපයෝජ්‍යතාත්මක චර්යාවන් බොහෝ විට පුද්ගල ජීවිතය හා බද්ධව සිදු කළ යුතු ඒවා වෙයි. එනම් පුද්ගලයාගේ සිතිවිලි පාදක කර සිදු කරන චේතනාත්මක ක්‍රියාවන්, මනස, අර්ථාන්විත ශබ්ධ ක්‍රියාව නැතිනම් වචනය සහ බාහිර ශාරීරික ක්‍රියාවන්ගේ එකමිතිකභාවයෙන් යුතු චර්යා රටාවන්, සිතුම් පැතුම්, ආවේගයන් හා සංජානන පුද්ගල ඇගයුම්හි ධනාත්මක, ප්‍රමාණාත්මක හා ගුණාත්මක වෙනස් කම් සිදු කිරීම තුළින් පුද්ගල දෛවය නැතිනම් ඉරණම නමැති මෘදුකාංගයේ පරාපනතිධානයන්හි පවතින දෝෂ ඉවත් කරගත හැකිය.

ඇතැම්විට මෙම ලිපියෙන් පැහැදිලි කර ඇති සංකල්ප හා ඇතැම් වචනවල පවතින අර්ථයෙහි ඇති ගැඹුරු බව යමෙකුට ලිපියෙන් පැවසෙන්නේ කුමක් ද යන්න තේරුම් ගැනීමට බාධාවක් විය හැකි බව ලිපිය සකසා අවසානයේ එය නැවත කියවා බැලීමෙන් පසුව අපට අවබෝධ විය. නමුත් මාතෘකාවට අදාළව පැවසිය යුතු කරුණුවල යථාර්ථය පැහැදිලි කිරීමට භාවිත සංකල්ප හා තාක්ෂ්ණික වචනවලින් තොරව පැවසීමෙන් එහි අර්ථය නියමාකාරයෙන් නොකියවෙන බැවින් එය තවත් සරළ කිරීමට අදහස් නොකළෙමු.

ලිපිය කියවන ඔබට යම් ගැටළු සහගත සංකල්ප හා වචන හමුවුවහොත් ඊට අදාළව ප්‍රතිචාරයක් මගින් අප වෙත යොමු කිරීමෙන් ඒවා පැහැදිළි කර දිය හැකි බව ද ප්‍රකාශ කර සිටිමි.

Advertisements

පුද්ගල ඉරණම නැමැති පරිගණක මෘදුකාංගය


(දෙවන කොටස – ඉරණම නැමති මෘදුකාංගය ලියන පරිගණක භාෂාව දෝසතරයි)

මෙම ක‍්‍රියාවලියට නතුු වන පරිගණකය සහ එහි ක‍්‍රියාත්මක මෘදුකාංග නිර්මාණය වී ඇති ආකාරය ඔබ මෙම ලිපියේ පළමු කොටසින් මනාව අවබෝධ කරගන්නට ඇතැයි අප සිතමු.

මෘදුකාංගයක් කේතනය කිරීමේ නැතහොත් යම් විධානයක් සැපයිය යුතු ආකාරය කෙසේ විය යුතු ද යන්න පරිගණකයට හඳුන්වා දීමේ ක‍්‍රියාවලිය කෙසේ සිදුවන්නේ ද කියා විමසා බලමු.

පළමුවෙන්ම යම් සිදුවීමක් අවශ්‍ය වේ. එම සිදුවීමට අදාළ කරුණ කුමක් ද යන්න පැහැදිලි කර ගැනීම ප‍්‍රථමයෙන්ම සිදු කළ යුතු වෙයි. මිනිසා යන සත්වයා අදාළ කරුණ ලෙසින් ඉදිරිපත් කළ හැකිය. විවිධ දාර්ශනික හා ආගමික මතවාදයන්ට අනුරූපව මිනිසා යනු අති සංකීර්ණ ප‍්‍රපංචයක් වශයෙන් පෙන්වාදිය හැකිය. මෙම අති සංකීර්ණ ප‍්‍රපංචය ක‍්‍රියාත්මක වන ආකාරය සැළකිල්ලට ගැනීමේ දී එය ස්වාභාවික මානසික ක‍්‍රියාවලීන් සමුදායක් තුළින් මෙහෙයවන භෞතික ශරීරයකින් සමන්විත වන බව දැක ගත හැකිය.

භෞතික වශයෙන් මිනිසා ඉන්ද්‍රිය පද්ධතියක එකතුවක් වශයෙන් ගත හැකිය. එය විශ්ලේෂණය කිරීමේ දී පමණක් වෙන් වෙන් වශයෙන් පවතියි. එසේ නොමැති අවස්ථාවන්හි දී ඔහු හෝ ඇය පුද්ගලයෙක් වශයෙන් හඳුනාගත හැකි භෞතික ශරීරයකින් පෙනී සිටියි.

භෞතික ශරීරයේ ක‍්‍රියාකාරීත්වය මානසික ක‍්‍රියාකාරීත්වය මත සිදුවෙයි. මානසික ක‍්‍රියාකාරීත්වයෙන් භෞතික ශරීරය අත් මිදුන විටෙක දී නැතහොත් භෞතිකයෙන් මානසිකත්වය විසන්ධි වීමක් සිදුවන විටක දී භෞතික ශරීරය ක‍්‍රියා විරහිත වෙයි. මේ පිළිබඳව සිදු කරන ලද ගැඹුරු විශ්ලේශනයන් තුළින් පුද්ගලයාගේ භෞතිකය හා මානසිකත්වය යන ඒවා එක්ව පවතින අවස්ථාවන්හි දී එම දෙකෙහිම අන්‍යෝන්‍ය සබැඳියාවකින් තොරව පුද්ගල භෞතිකයට මෙන්ම මානසිකත්වයට ද බලපාන ආකාරයේ ශක්තීන් ක‍්‍රියාත්මක වන බව ඒ පිළිබඳව කරන ලද පර්යේෂණ තුළින් පැහැදිළි කර ගෙන ඇත.

මෙම තත්වය ආගමික පැහැදිලි කිරීමක දී දෙවියන් වහන්සේ නම් වූ පුද්ගලයෙකුගේ බාහිර මැදිහත්වීමක් වශයෙන් අර්ථනිරූපණය කර ඇති බව දැකගත හැකිය. බෞද්ධ විග‍්‍රහයට අනුව පුද්ගලයෙකු හෝ සත්වයෙකු වශයෙන් ගත හැකි දෙයක් නැති බව කියැවේ. නමුත් සම්මතය තුළ මිනිසා, පුද්ගලයා සහ සත්වයා යන ව්‍යවහාරය ක‍්‍රියාත්මක බව බව බුද්ධ දේශනාව තුළින් කරුණු පැහැදිළි කර ගත හැකිය.
බෞද්ධ විග‍්‍රහයට අනුව මිනිසා, පුද්ගලයා සහ සත්වයාට සිදුවන මෙම බාහිර මැදිහත්කරණය වශයෙන් අවස්ථා 5 ක් උපයෝජනය වන බව පෙන්වා දී ඇත. එය නියාම ධර්ම වශයෙන් ක‍්‍රියාත්මක වන බව පැහැදිළි කර ඇත.

x බීජ – වෘක්‍ෂලතාදියෙහි පැවැත්ම

x සෘතු – කාලගුණික තත්වයන්ගේ බලපෑම

x චිත්ත – මිනිස් මනස

x කම්ම – මිනිස් මනසේ ක‍්‍රියාකාරීත්වය

x ධම්ම – ඇතිවීම, පැවතීම, නැතිවීම, ලෝක පාලන ධර්මතාවන්, ලෝකයේ සහ එහි පවතින චක‍්‍රීය ස්වභාවය තුළ නිර්ණායක

මෙම ලෝක ධර්මතාවන් අවස්ථා 8ක ක‍්‍රියාත්මක වෙයි. ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප‍්‍රසංසා, සැප, දුක් වශයෙන් ක‍්‍රියාත්මක වෙයි. මෙහිලා සෘතු හා බීජ අවස්ථා දෙකට අමතරව තවද අවස්ථා තුනක් ක‍්‍රියාත්මක වෙයි. එනම්, චිත්ත, කම්ම සහ ධම්ම යන අවස්ථා තුනයි.

මෙයින් ද චිත්ත සහ කම්ම යන අවස්ථා දෙක වඩාත් ගැඹුරිව් පැහැදිළි කිරීමකට ලක් කර ඇත. මේ තත්වය ඛුද්දක නිකායේ කාණ්ඩ 15න් එකක් වන ධම්ම පදයේ චිත්ත වග්ගය තුළින් දැකගත හැකිය. මීට ඉහත අප විසින් ලියන ලද ජ්‍යොතිෂය හා කර්මයේ දෛවය පිළිබඳ මතවාද, චර්යා සහ ආවේගයන්ගේ ගති සංකලනය (දෛව සින්ඩ්‍රොමය) තුළ සිරවීම යන ලිපිය නැවත කියවා බලන ලෙස සිහිපත් කරමි. පුද්ගල ජීවිතය නැමැති සිනමා පටයේ පුද්ගලයාගේ සහ මානසික ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් වශයෙන් කර්මය සහ කර්ම ඵලය යන අවස්ථා දෙකෙහි වංචක ධර්මතාවයෙන් යුතුව මතුවන කර්ම ඵලය නැමැති ප‍්‍රධාන චරිතයේ ආධිපත්‍යයට, ග‍්‍රහණයට පුද්ගලයා ගොදුරුවන ආකාරය මැනවින් පෙන්වා දී ඇත්තෙමු.

මෙම ලිපියේ දී අප පුද්ගල ජීවිතය නැමැති සිනමා පටයේ ප‍්‍රධාන චරිතය වන දෛවය නැතහොත් ඉරණම යන්න පරිගණක මෘදුකාංගයක් වශයෙන් ක‍්‍රියාත්මක වන ආකාරය පෙන්වා දීමට අදහස් කර ඇති බව මෙම ලිපියේ මාතෘකාවෙන් පැහැදිළි කර ඇත. එසේම එම මෘදුකාංගය නිර්මාණය කරන නැතහොත් එය රචනා කරන පරිගණක භාෂාව තේරුම් කර දීමට උත්සාහ ගනිමු.

පුද්ගලයා සත්වයා යන ප‍්‍රපංචය කෙරෙහි බලපාන දෛවය නැතහොත් ඉරණම යන්න වෙනත් කිසිවක් නොව, පුද්ගලයා විසින් ම කරන ලද චේතනාත්මක ක‍්‍රියාවන්ගේ ප‍්‍රතිඵලය වශයෙන් පෙන්න්වා දිය හැකිය.

පුද්ගල ඇගයුම්, චින්තන රටා, සිතුම් පැතුම්, ඇවතුම් පැවතුම්, භවගාමී චර්යා සහ පුද්ගල ජීවිතය හා බද්ධ සෑම කරුණක් ම එහිලා ජ්‍යෝතිෂය මගින් පැහැදිළි කර ගත හැකි සේම අවබෝධ කර ගත හැකිය.

මෙහි දී පරිගණක මෘදුකාංගයක් ලෙසින් පුද්ගලයාට බලපාන ඉරණම ක‍්‍රියාත්මක වන අවස්ථාවක දී එම මෘදුකාංගයේ ස්වභාවය කවර ආකාරයේ එකක් ද යන්න විමසා බැලිය යුතුය. පුද්ගලයාගෙන් පුද්ගලයාට එය වෙස් වෙයි. එහි පුද්ගල අනන්‍යතාවයක් දැකගත හැකිය. එසේ නම් මෙම ඉරණම යන්න විවෘත මෘදුකාගයක් ලෙසින් පෙන්වා දිය හැකිය.

මෙම විවෘත මෘදුකාගය  පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර එසේ ඇති වන වෙනස්වීම කවර සාධක මත සිදුවන්නේ ද යන්න විමසිය යුතු ඊළඟ කරුණයි. පුද්ගල ඇගයුම්, චින්තන රටා, සිතුම් පැතුම්, ඇවතුම් පැවතුම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. එය භවගාමී චර්යාවක් ලෙසින් පුද්ගලයාට ක‍්‍රියාත්මක වීමේ දී භව අන්තර කාලය නැතහොත් භවාන්තරය නැමැති තිමිරයෙන් අඳුරෙන් වැසී පැවතීම හේතුවෙන්, වර්තමාන පුද්ගලයාට සිය පූර්ව කර්ම පථයේ විපාක ධාරාවේ ගලා ඒම දැක ගත නොහැකිය.

මෙය ඇත්තෙන්ම පරිගණක භාෂාවකින් ලියන ලද පරිගණක මෘදුකාංගයක්ය. යම් මෘදුකාංගයක් පරිගණක භාෂාවක් ඇසුරු කර ලිවීමේ දී අනුගමනය කරන පියවර කිහිපයක් වෙයි. එම පියවර අතර පවතින එක් පියවරක් නම් විධාන සැකසුම (Source Code)  සංකේතනය(Compose)  කොට දැක්වීමයි. එවිට එම සංකේතන ක‍්‍රියාවලිය මගින් විධාන සැකසුම තනිව ක‍්‍රියාත්මක විය හැකි (Self Executable) එකක් බවට පරිවර්ථනය කරයි. එසේම එම මෘදුකාංගය ගොණුවක් වශයෙන් පවතින අවස්ථාවේ දී පැහැදිළිවම එය ඊඑක්ස්ඊ ගොණුවක් බවට හරවාලයි. එම ගොණුව සෘජු විවෘත කර බැලීමක දී විධාන සැකසුම යන්ත‍්‍රභාෂවට ඉතා සමීප භාෂාවකින් ලියා ඇති කේතාංක රැුසක් පමණක් දැකගත හැකිය.

භවගාමී චර්යාවක් ලෙසින් පුද්ගලයාට ක‍්‍රියාත්මක මෙම පුද්ගල ඇගයුම්, චින්තන රටා, සිතුම් පැතුම්, ඇවතුම් පැවතුම් ආදියෙහි පූර්ව කර්ම පථයේ විපාක ධාරාව විකේතන ක‍්‍රියාවකට ලක් කොට පූර්ව කර්ම පථයේ ස්වභාවය දැක ගත හැකිය. ඒ සඳහා නව මෘදුකාංගයක් වශයෙන් පෙන්වා දිය හැකි ජ්‍යෝතිෂය ඉදිරිපත් කර ලිය හැකිය.

එසේම මෙම නව මෘදුකාංගය පරිගණක භාෂාවක් වශයෙන් ද හඳුන්වා දිය හැකිය. ඒ කෙසේ ද යත්, මෘදුකාංග සංගෘහිත කට්ටල වශයෙන් සහ භාෂාවන් වශයෙන් (Packages and Languages)  පවතින බැවැනි.

මේ අකාරයට සංකේතනය වී ඇති විධාන සැකසුම දෙස බැලීමේ දී භවාන්තරය නැමැති තිමිරයෙන් අඳුරෙන් වැසී පවතින පුද්ගල පූර්ව කර්ම පථයේ විපාක ධාරාවේ ගලා ඒම දැක ගැනීමට නම් සංකේතනය වී ඇති විධාන සැකසුම විකේතන ක‍්‍රියාවලියකට ලක් කළ යුතුය. ඒ සඳහා ශක්‍යතාවය ඇති භාෂාව ජ්‍යෝතිෂයයි.
පුද්ගල පූර්ව කර්ම පථයේ විපාක ධාරාවේ ගලා ඒම විකේතන ක‍්‍රියාවලියක් මගින් පරීක්‍ෂාවට ලක් කළ යුත්තේ ඇයි ද ? යන ප‍්‍රශ්නය වැදගත් එකකි. පටිච්ච සමුප්පන්න ආර්ය සත්‍යය තුළ දැකගත හැකි ද්වා දස හේතු ප‍්‍රත්‍යයන් අවිද්‍යාව නැමති මෙම චක‍්‍රයේ ස්වභාවය නොදැක හිඳිම වටා චක‍්‍රයක ආකාරයෙන් ක‍්‍රියාත්මක වෙයි. ”අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, …තන්හා පච්චයා උපාදානං, උපාදන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සංභවන්ති…”

මෙම තත්වය තේරුම් ගත යුත්තේ ඇයිද යන ප‍්‍රශ්නය නැතහොත් විකේතන ක‍්‍රියාවලියක් මගින් පුද්ගල පූර්ව කර්ම පථයේ විපාක ධාරාවේ ගලා ඒම පරීක්‍ෂා කළ යුත්තේ ඇයිද යන ප‍්‍රශ්නයට නිවැරදිම පිළිතුර වශයෙන් මෙම තත්වය පෙන්වාදිය හැකිය.

හුදු ජීවන පලාඵල කථනයකට පමණක් ජ්‍යොතිෂය සීමා කර තැබීම අප අනුමත නොකරමු. මෙයට හේතුව නම්, පුද්ගල කර්ම පථයේ විපාක ධාරාවේ ගලා ඒම පරීක්‍ෂා කළ යුත්තේ ඉරණම ලියැවී ඇති ආකාරය බලාගැනීම සඳහා නොවේ.
එසේනම් ඉරණම නැමැති පරිගණක මෘදුකාංගයෙන් අප සිදුකිරීමට අපේක්‍ෂිත ප‍්‍රධාන ඉලක්ක ගත ප‍්‍රතිඵලය කුමක් විය යුතු ද? බටහිර විද්‍යාඥයින් කාල යන්ත‍්‍රයක්

( Time Machine)  සෑදීමට උත්හාස ගත්තේ එමගින් අතීතයට ගොස් අතීතයේ අපට කරගත නොහැකි වූ දේ සහ අපට වැරදුන තැන් සකසා ගැනීමේ ප‍්‍රධාන අපේක්‍ෂාවෙනි. නමුත් අපට කාල යන්ත‍්‍ර අවැසි නැත. අප සතුව මෙම පුද්ගල ඉරණම නැමැති පරිගණක මෘදුකාංගය ලියන ලද පරිගණක භාෂාව තිබේ.

එමගින් ජ්‍යෝතිෂය නැමැති පරිගණක භාෂාව ඇසුරු කොට පුද්ගල කර්ම පථයේ විපාක ධාරාවේ ගලා ඒම පරීක්‍ෂාවට ලක්කර මෙම විවෘත මෘදුකාංගයේ පවතින දොෂහරණය (Error Handling) කළ හැකිය.

ඉරණම නැමැති පරිගණක මෘදුකාංගයේ දෝෂහරණ ක‍්‍රමවේදය (Error Handling Process) පිළිබඳව මීළඟ ලිපියෙන් කරුණු බලාපොරොත්තු වන්න.

ඉරණම නැමති මෘදුකාංගය ලියන පරිගණක භාෂාව දෝසතරයි.


ඉරණම නැමති මෘදුකාංගය ලියන පරිගණක භාෂාව දෝසතරයි.
පරිගණකයක් යනු ඉලෙක්ට්‍රොනිකව ක‍්‍රියාත්මක කරනු ලබන යන්ත‍්‍රයක් වශයෙන් හඳුන්වාදිය හැකිය. මෙම යන්ත‍්‍රය ප‍්‍රධාන වශයෙන් ක්‍ෂේත‍්‍ර තුනක ක‍්‍රියාත්මක වෙයි. එනම්, දෘඪාංග, මෘදුකාංග සහ සජීවී මැදිහත්කරුවකු වශයෙන් එය හසුරුවන්නා පෙන්වාදිය හැකිය.

x දෘඪාංග – පරිගණකයේ අතින් ඇල්ලිය හැකි උපාංග Hardware

x මෘදුකාංග – පරිගණකයේ ක‍්‍රියාකාරීත්වය Software
x සජීවී මැදිහත්කරු – එය හැසිරවීම Live-ware

මෙම ප‍්‍රධාන ක්‍ෂේත‍්‍ර තුනෙහි පළමු ක්‍ෂේත‍්‍රය වඩාත් පදනම් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එය ආදාන (Input), සැකසුම් (Processor) හා ප‍්‍රතිදාන (Output) වශයෙන් කොටස් තුනකින් යුතු වෙයි. මෙහි දී ආදාන ඒකකය දත්ත පරිගණකය වෙත ලාබදීමේ නැතහොත් ප‍්‍රවේශ කරවීමේ කාර්යයෙහි නියුතු වෙයි. සැකසුම් ඒකකය එම දත්ත විශේෂිත තර්කණ උපායයන් ඇසුරු කරගනිමින් සජීවී මැදිහත්කරු විසින් ලබාදෙන විධානයන් අනුව ක‍්‍රියාත්මක වෙයි. ප‍්‍රතිදාන ඒකකය මගින් එසේ සකසා ගනු ලබන දත්ත පදනම් තොරතුරු වශයෙන් නිෂ්පාදිතයන් ලෙසින් එළිදක්වයි.

පරිගණකයේ මෙම ආදාන ඒකකය විවිධ දත්ත පරිගණකය වෙත ප‍්‍රවේශ කරයි. ශ‍්‍රව්‍ය දත්ත නැතිනම් මිනිසාගේ ශ‍්‍රවනේන්ද්‍රිය මගින් ග‍්‍රහණය කළ හැකි දත්ත, දෘෂ්‍ය දත්ත නොහොත් මිනිස් ඇසින් ග‍්‍රහණය කරන වේදයිතය සහ මිනිස් මනසට ගෝචර වන ස්නායු ආව්ගi හෝර්මෝනමය විද්‍යුත් ධාරා සංඥා වශයෙන් පවතින සෑම දත්තයක් ම ආදාන ඒකකය මගින් පරිගණකයට යොමුකළ හැකිය. ඇතැම් විට මනසේ හෝර්මෝනමය විද්‍යුත් ධාරා සංඥාවන් කේතනය කළ හැකිii ද? යන පැණය ඔබට ඇතිවිය හැකිය.

ඇමරිකාවේ ෆෙඩරල් බුද්ධි අංශය මගින් අත්අඩංගුවට ගනු ලබන යම් සැකකරුවෙකු ප‍්‍රශ්න කිරීම සඳහා භාවිත කරන ප‍්‍රශ්න කිරීම් කුටිය ඇතුළතින් පිටත නොපෙනෙන වීදුරුවලින් ආවරණය කර ඇති එකකි. එහි පිටතින් සේවයෙහි නියුතු විශාල කණ්ඩායමක් වෙයි. එක් පුද්ගලයෙකු පමණක් ප‍්‍රශ්න කිරීම් සිදු කරන අතර තවත් පිරිසක් පරිගණයක් ආධාරයෙන් අධෝරක්ත කැමරා උපයෝග කර ගනිමින් ඔහුගේ හෝ ඇයගේ මොලයේ රසායනික ප‍්‍රතික‍්‍රියාවන් සැලකිල්ලට ගනිමින් ඒ අනුව ප‍්‍රක්ක්‍ෂේපිත දත්ත විශ්ලේශනය කිරීමෙන් ඔහු හෝ ඇය පවසන දෑ සත්‍ය තොරතුරු ද නැතිනම් අසත්‍ය තොරතුරු ද යන්න නිර්ණය කරනු ලබයි. මේ සමග අමුණා ඇති කෙටි වීඩියෝ ක්ලිපය නැරඹීමෙන් ඔබට එය සනාථ කර ගත හැකිය.


මෙම වීඩියෝ ක්ලිපයේ සම්පූර්ණ චිත‍්‍රපටය නැඹීමට කැමැති අයට මෙන්න පාර…
මෙම කෙටි වීඩියෝ ක්ලිපය ඔබට මනසේ හෝර්මෝනමය විද්‍යුත් ධාරා සංඥාවන් කේතනය කළ හැකි බව තේරුම් ගැනීමට කදිම නිදසුනකි.

ප‍්‍රධාන වශයෙන් පරිගණකයේ ඉලෙක්ට්‍රොනික උපාංග ක‍්‍රියාත්මක කරවීමට අවශ්‍ය විද්‍යුත් ධාරා සංඥා වශයෙන් ප‍්‍රධාන අවස්ථා දෙකකින් යුතුව ක‍්‍රියාත්මක වෙයි. ඒවා ඇත සහ නැත යන අවස්ථා දෙකෙහි පවතියි. මෙය, විද්‍යුත් ධාරා සංඥාව පැවතීම සහ බිඳවැටීම දක්වාලයි. පරිගණකයේ ක්‍ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික උපාංගයන්ට තේරුම් ගත හැකි එකම භාෂාව මෙම මූලික අවස්ථා දෙකiii  පමණක් බව සැලකිය යුතුය. නමුත් මෙම අවස්ථා දෙක උපයෝග කර ගනිමින් විවිධ තර්කණ උපායයන් මතින් ඔබ සජීවීව පරිගණක තිරය මත දකින සෑම අතුරු මුහුණතක්මiv  නිමැවී ඇති බව උදක් සිහියට ගත යුතුය.

පරිගණක තිරය මත මැවෙන පික්සලයක්v  නිමැවෙන තිතක් පවා විද්‍යුත් ධාරා සංඥාවන්හි ඇති ප‍්‍රධාන අවස්ථා දෙක අනුව ක‍්‍රියාත්මක වන බව පැහැදිළි කළ හැකිය.

පරිගණක භාෂාවක් යනු පරිගණකයට ආදාන දත්ත ප‍්‍රවේශ කරවීමේ දී යන්ත‍්‍ර භාෂාවvi  වන 0 සහ 1 නැතිනම් විද්‍යුත් ධාරා සංඥාව බිඳවැටීම සහ පැවතීම යන කේතයන් දෙක බවට පරිවර්තනය කිරීමේ ක‍්‍රියාවලිය (Encode-කේතනය) මෙන්ම යන්ත‍්‍ර භාෂාමය යෙදුමක අර්ථය සාමාන්‍ය ව්‍යාවහාරික භාෂානුයුක්තව අරුත් ගැන්වීම (Decode -විකේතනය) සඳහා හැකියාව ඇති මූලෝපායික සංජානන, ඉගෙනුම් හා තර්කන සිද්ධාන්ත පද්ධතියක් වශයෙන් පෙන්වාදිය හැකිය.

පරිගණක මෘදුකාංග වශයෙන් ද මෙම පරිගණක භාෂාවන් ක‍්‍රියාත්මක වෙයි. විශේෂිත කාර්යයන් ඉටුකරගැනීම සඳහා වෙනමම නිර්මාණය කරන ලද යෙදවුම් මෘදුකාගvii  නමින් ව්‍යවහාර කරනු ලබන මෘදුකාංග කොටසක් ද පරිගණක ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වෙයි. සමස්ථ යන්ත‍්‍රය පද්ධතියක් වශයෙන් අන්‍යෝන්‍ය සබැඳියාවකින් යුතුව ක‍්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය හැසිරීමේ පිළිවෙල නිර්ණය කරන ලබන පද්ධති මෘදුකාංගviii  නමින් ව්‍යවහාර කරන මෘදුකාංග කොටසක් ද පරිගණක ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වෙයි.

——————————-
notes:

[i] Neuron Impulse
[ii] Encryption
[iii] Binary Code
[iv] Graphics
[v] Pixel
[vi] Machine Language
[vii] Application Software

[viii] System Software

– මතු සම්බන්ධයි –

© M. M. Rohana Wasantha

අරිය පරියෙසන සූත‍්‍රය.


3. , මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු සිටුහු විසින් කරවන ලද ෙජ්තවනාරාමයෙහි වාසය කළහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ සිවුරු හා පාත‍්‍රය ගෙන සැවැත් නුවරට පිඩු පිණිස වැඩියහ. එකල්හි බොහෝ භික්‍ෂූහු ආනන්‍දස්ථවිරයන් වහන්සේ යම් තැනකද එහි පැමිණියහ. එහි පැමිණ ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේට මෙසේකීහ. , ඇවැත්නි, ආනන්‍දයෙනි, …