උසාවියේ අසන නඩු සේ ලියැවෙන, කියැවෙන සෙත්කවි …


උසාවියකට වැස්සකට වත් ගොඩ වෙන්න එපා යයි අපේ පැරණි කියමනක් ඇති බව ඔබ අසා ඇතිවාට සැකයක් නැත. එසේම ඉඩම් නඩුවත් දික්කසාද නඩුවත් නිමක් දැකිය නොහැකි නඩු ගණයෙහිලා සලකන නඩු වශයෙන් නීති ක්‍ෂේත‍්‍රයෙහි සිටින අය පමණක් නොව සාමාන්‍ය ජනයා පවා වඩාත් හොඳින් දන්නා කරුණක් වශයෙන් පෙන්වාදිය හැකිය.

මෙම ලිපිය උසාවි නඩු පටිපාටිය පිළිබඳ කරුණු ගෙනහැර පාන ලිපියක් ද? යන පැණය මෙම ලිපිය කියවන ඔබට ඇතිවිය හැකිය. එය සාධාරණය. නමුත් එය එසේ නොවේ. ඊට හේතුව, මිනිසාට ඇතිවන ග‍්‍රහ අපල දුරු කර ගැනීම සඳහා කියවන සෙත්කවිය පිළිබඳ සමාජ නීති විද්‍යාත්මක විග‍්‍රහයක් ඉදිරිපත් කිරීම මෙම ලිපියෙහි පරමාර්ථය වන බැවිනි.

සාමාන්‍යයෙන් උසාවි නඩු පටිපාටියේ දී අනුගමනය කරන යම් ක‍්‍රමවේදයක් වෙයි. එනම්, යම් සිද්ධියක් විය යුතුය. එසේ වන සිදුවීම අරබයා අසාධාරණයට ලක් වන්නෙකු එක් පාර්ශවයක වෙයි. එසේම සිද්ධියට අදාළ අනෙක් පාර්ශවයන් කවුරුන්දැයි හඳුනාගැනීම ප‍්‍රථමයෙන්ම කළ යුතු වෙයි. එම පාර්ශවයන් මෙසේ පෙන්වාදිය හැකිය

x අසාධාරණයට ලක්වන්නා කෙරෙහි ඇති වූ අසාධාරණය සිදු කරන ලදැයි චූදිත විත්තියේ පාර්ශවය

x නීතිය හා සාමය රැකීමේ පාර්ශවයx නීතිය හා සාමය රැුකීමේ පාර්ශවයට අනුගතව සිටින තොරතුරු රැස්කිරීමේ හා ඔත්තු විමසීමේ පාර්ශවය

x සිද්ධියට අදාළ කරුණු ගොණු කිරීම සිදු කරන නීතිවේදී පාර්ශවය

x ගොණුකරන ලද කරුණු ඉදිරිපත් කළ යුතු උසාවි පාර්ශවය

x උසාවි පාර්ශවයේ දී ගොණුකරන ලද කරුණු විනිශ්චය සඳහා ඉදිරිපත් කරන තෝල්ක පාර්ශවය

x සිද්ධිය සම්බන්ධයෙන් කරනු ලබන විභාගය පවත්වන විනිශ්චය පාර්ශවය

x අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු හෝ වෙනත් ලිඛිත හා අලිඛිත සාක්‍ෂි සපයන පාර්ශවයන්

x විත්ති පාර්ශවය අදාළ සිදුවීමට වූදිත වරදේ ස්වභාවය අනුව දණ්ඩණයට ලක් කළ යුතු නම් ද`ඩුවම් ලබාදීමේ හෝ බන්ධනාගාර ගත කිරීමේ හෝ සේවයේ නියුතු පාර්ශවය

මෙම පාර්ශවයන් සියල්ල උසාවිය වටා ගොණු වී ඒ තුළ රැුඳෙමින් අදාළ සිදුවීම පිළිබඳ නඩුව විමසීමට ලක් කෙරෙයි. මෙහි දී ප‍්‍රථමයෙන් තෝල්ක පාර්ශවය වෙත නීතිවේදී පාර්ශවය මගින් ගොණු කර ඉදිරිපත් කරන ලද සිදුවීම විනිශ්චය පාර්ශවය වෙත යොමු කරයි. එසේම විනිශ්චය පාර්ශවය එතැන් සිට අදාළ සිදුවීමට සම්බන්ධ සියළු සාක්‍ෂි විමසීමට ලක් කරනු ලබයි. සාක්‍ෂි විමසීමේ දී සිද්ධියට අදාළ සියළු සාක්‍ෂි පාර්ශවයන් උසාවියට ගෙන්වා සාක්‍ෂි විමර්ශනයට ලක් කිරීම සාමාන්‍ය උසාවි පටිපාටියයි.

මෙසේ සියළු සාක්‍ෂි විමසීමෙන් අනුතුරුව සාක්‍ෂි මතින් වරද ඔප්පු වූයේ නම්, අසාධාරණයට ලක් වූ පාර්ශවය වෙත වන්දි ලබා දීමට ද විත්තියේ පාර්ශවය වරද පිළිගැනිම හෝ නොගැනීම අනුව සහ වරදේ ස්වභාවය අනුව ලබාදිය යුතු ද`ඩුවම විනිශ්චය පාර්ශවය විසින් තීරණය කරනු ලැබේ. ඒ අනුව  ද`ඩුවම් ලබාදීමේ හෝ බන්ධනාගාර ගත කිරීමේ හෝ සේවයේ නියුතු පාර්ශවය මගින් අදාළ වූදිත වැරදිකාර පාර්ශවය වෙත ද`ඩුවම් පමුණුවනු ලැබේ.

මෙම උසාවි නඩු පටිපාටිය දෙස විමසිලිමත්ව බැලීමේ දී පුද්ගලයාට ඇතිවන ග‍්‍රහ අපල දුරු කර ගැනීම සඳහා ලියවනු ලබන හා කියවනු ලබන සෙත්කවි ද එම සෙත්කවි කියවිය යුතු ආකාරය ද සෙත්කවි කීමේ දී ආරාධනා කළ යුතු දේවතා පාර්ශවයන් කවරේ ද යන කරුණු පිළිබඳව ද වඩාත් ගැඹුරු අවබෝධයක් ලබාගත හැකි වන අතරම අවබෝධයෙන් යුතුව එය අනුගමනය කිරීමෙන් අදාළ ග‍්‍රහ අපල දුරුකර සෙත ශාන්තිය ළඟාකර ගත හැකි වන බව පැවසිය යුතුය.

මේ අනුව පුද්ගලයාට ඇතිවන ග‍්‍රහ අපලය යන්න කුමක් ද කියා ප‍්‍රථමයෙන් විමසා බැලිය යුතුය. පුද්ගලයාට පුද්ගලයා විසින්ම සිදුකරනු ලබන කර්මයේ ස්වභාවය අනුව ලැබෙන විපාකය ක‍්‍රියාත්මක කිරීම සඳහා උපකාරී විශ්ව පාරිසරික සාධක වශයෙන් ග‍්‍රහ අපලය පෙන්වා දිය හැකිය. පුද්ගලයා විසින්ම සිදුකරනු ලබන කර්මයේ ස්වභාවය අනුව ලැබෙන විපාකය ක‍්‍රියාත්මක කිරීම සඳහා උපකාරී වන විශ්ව පාරිසරික සාධක ග‍්‍රහදේවතාවුන් ලෙසින් දේවත්වයට පමුණුවා ඇති බව මෙහි දී ප‍්‍රථමයෙන්ම පෙන්වාදිය යුතුය.

මේ අනුව ග‍්‍රහ දේවතාවුන් නියෝජනය කරන පුද්ගල කර්මයේ විපාක ශක්තිය වෙත අමන්ත‍්‍රණය කිරීමේ සූත‍්‍රයක් නැතිනම් ක‍්‍රමවේදයක් චන්දස් ශාස්ත‍්‍රයෙහි දක්වා ඇත. ඒ නිවැරදි ගණ පිහිටුවා ගොඩනගන සෙත්කවියයි. නැතිනම් ලිපියේ ප‍්‍රධාන තේමාවේ දක්වන ලද නීතිමය කරුණු සැළකිල්ලට ගනිමින් ගොඩනගන ලද නඩු ගොණුවයි.

මෙම නඩු ගොණුව නැතිනම් සෙත්කවිය තෝල්ක තැන විසින් විනිශ්චය පාර්ශවය වෙත යොමු කළ යුතු වෙයි. සෙත්කවියට අදාළව විනිශ්චය පාර්ශවය හා තෝල්ක පාර්ශවය කවුරුන්දැයි විමසා බැලිය යුතුය. තොල්ක පාර්ශවය වශයෙන් සෙත්කවියේ දී ඉදිරිපත් වන්නේ සෙත්කවිය කියවන තැනැත්තාය.

නීතිය පිළිබඳ අවබෝධය ඇති හා නීතිය උගෙන ඇති යම් පුද්ගලයෙකුට තනිවම තමන්ගේ නඩුවක් උසාවියේ විනිශ්චය සඳහා ඉදිරිපත් කොට ඒ සඳහා කථාකිරීමට නීතියෙන් අවසර ඇතිවාක් මෙන්ම සෙත්කවිය ද නිවැරදි අක්‍ෂර උච්ඡාරණය කිරීමේ හා වචන බෙදී යන තැන්හි නිවැරදි පද බෙදීමක් සහිතව ගායනා කළ හැකි අයෙකුට තමාගේ අපලයට ලියැවුන සෙත්කවිය තමාටම ගායනා කරගත හැකිය.

නමුත් අනෙක් පාර්ශවයේ සිටින්නේ නීතිය හොඳින් දත් නීතිය ඉගෙනගත් නීතිවේදීන් බැවින් තනිවම සෙත්කවි ගායනය හෝ තනිවම උසාවියේ නඩුවක් ඉදිරිපත් කර යුක්තිය ලබාගැනීමට කථා කිරීම දැලිපිහියෙන් කිරි කනවා වැනි තත්වයක් බව සිහි තබා ගත යුතුය. එසේ නොමැති වූ අවස්ථාවන්හි දී අපලයට ලියැවුන සෙත්කවිය ගායනයේ දී ඇති වූ දොස් හේතුවෙන් එයින් වස්කවියක ප‍්‍රතිඵල අත්විඳීමට සිදු වී ඇති අවස්ථාවන් බොහොමයක් අප අත්දැක ඇති බව පෙන්වා දිය හැකිය. නමුත් මේ අතර තනිවම උසාවියේ තමුන්ගේ නඩුව ඉදිරිපත් කර යුක්තිය ලබාගත් අය වැනි සෙත්කවි තනිවම ගායනා කිරීමෙන් යහපත් ප‍්‍රතිඵල ලබාගත්තවුන් අතළොස්සක් ද අපගේ අත්දැකීම් නැමති ඉදිහාස පොතේ ලියැවී ඇති බව ද සඳහන් කළ යුතු ය.

මතු සම්බන්ධයි

Comments are closed.