ධ්වනිය, ශබ්ධ විද්‍යාව හා ශාන්තිකර්ම


දෙවන කොටස

මෙම ලිපියේ පළමු කොටසේ දී අප ඔබට ඉදිරිපත් කළ ශරීරයේ ස්ථානයන් හතක් (7) ඇසුරු කර ගනිමින් ඇති ශක්ති චක‍්‍ර (

energy centers or chakras) සංගීතයේ දී භාවිත කරන සප්ත ස්වර හා බැඳි වර්ණාවලීන් සමග සහ සම්බන්ධිතව ක‍්‍රියාත්මක වන බව දැක් වූ සටහන දෙස නැවත හොඳින් බලන්න. ඔබේ සිත යොමු කොට මේ වගුවේ දැක්වෙන විෂය කරුණු සහසම්බන්ධිතව විමර්ශන බුද්ධියෙන් බැලීමට ආරාධනා කරමින් එම ලිපියේ දෙවන කොටස මෙසේ අරඹමු.


පුද්ගල ශරීරයේ ක‍්‍රියාත්මක වන  ඕරාව

AURA නමින් හඳුන්වන ප‍්‍රභා මණ්ඩලයෙන් නිකුත්වන කිරණයන් විවිධ වූ මානසික තත්වයන් යටතේ විවිධ වර්ණාවලීන් සහිතව විවිධ මට්ටමින් විහිදෙන බවට ප‍්‍රධාන සාධකයන් වශයෙන් බුදුන්ගේ සිරුරෙන් බුද්ධත්වයෙන් සිව්වන සතියේ දී රුවන් ගෙයි වැඩ හිඳිමින් අවබෝධකර ගත් ධර්මය නැවත මෙනෙහි කිරීමේ දී සවණක් ඝන බුදුරැුස් විහිදුන බව දැක්වෙන ප‍්‍රකාශය තුළින් පැහැදිළි වෙයි.

එසේම බුදුරදුන් දේශනා කරන ලද සෑම ධර්ම දේශනයක් ම හා සදහම් පාඨයක්ම මනා සවර සුසංයෝජනයක් සහිතව දේශනා කරන ලද ඒවා වෙයි. අද ද පිරිත් දේශනාවන් තුළින් මිනිසා ලබන මානසික සුවය හා රෝග නිවාරණය සඳහා භාවිත කරනු ලබන බව බෞද්ධ අබෞද්ධ සෑම කෙනෙක්ම දන්නා කරුණකි.

මනා ස්වර සුසංයෝජනයකින් දේශනා කරන ලද පිරිත් සූත‍්‍ර සජ්ඣායනා කරන අවස්ථාවල දී භාවිත කරනු ලබන පිරිත් හුයේ නැතිනම් පිරිත් නූලෙහි ගැබ් වන ශක්තිය කවර ආකාරයක් ගනු ලබන්නේද යන්න පිළිබඳව අප කිසිදු කෙනෙක් විමර්ශනයට හෝ සම්පරීක්‍ෂණයකට එය ලක් කොට නැතිවාට සැකයක් නැත. එසේ නමුත් මෙම පිරිත් නූල සඳහා භාවිත කරනු ලබන නූල කපුවලින් නිර්මාණය කොට ඇති එකක් බව අප සැම හොඳින් දන්නා කරුණකි.

ශබ්ධස්වර අනුව කපු කැටියක ඇතිවන විද්‍යුත් ආරෝපණය කිරිලියන් කැමරාවකට

Fabien Maman නැමති අප මීට කළින් පළ කරන ලද ලිපියේ දී හඳුන්වා දුන් තැනැත්තා විසින් හසුකර ගනු ලබූ අවස්ථාවක් පහත රූප සටහනෙහි දැක්වෙයි. එසේම ඔහු විසින් රචිත

The Role of Music in the Twenty-First Century නැමති කෘතියෙහි පළ වූ මෙම ඡායාරූප Academy of Sound Healing හි වෙබ් අඩවිය වන

http://Tama-Do, The Academy of Sound Healing, Color Therapy and Chi Movement3.htm   හි පළ වූ මෙම ඡායාරූපය අප බ්ලොග් අඩවියෙහි පළ කිරීමට අප විසින් අවසර ලබා නොගත් නමුත් හුදෙක් තොරතුරු දැනගැනීමේ අයිතිය මත ඔහුගේ ප්‍රකාශය එපරිද්දෙන්ම සඳහන් කරමින් එම ඡායාරූපය මෙහි පළ කරනු ලැබේ.

යාඥාවක් කිරීමට ප‍්‍රථමයෙන් කපු කැටියේ ස්වභාවය 115 ඡායාරූපයෙන් දක්වා ඇති අතර යාඥාවක් සමග කපුකැටියේ ආරෝපණය වන විද්‍යුත් ආලෝක ශක්ති ආරෝපිත භාවය 116 ඡායාරූපයෙන් පෙන්වා ඇත. තවද 118 ඡායාරූපයෙන් ඔවු පෙන්වා ඇත්තේ සංගීතය හා මුසු කරන ලද යාඥාවක් කරනු ලබන අවස්ථාවක දී ගනු ලැබූ එකකි.

මේ අනුව අපට පැහැදිළි වන එක් කරුණක් ඇත. පිරිත් සූත‍්‍ර දේශනා කිරීමට ප‍්‍රථමයෙන් සිදු කරන මගුල් බෙර වාදනය තුළ ජනිත කරනු ලබන ශබ්ධය තුළ කැටිවන අධික කම්පන ශක්තියක් ගැබ්වන බවය. වරක් අප දුටු ඒ සිදුවීමක් මේ සමග සිහියට එයි. මාගේ ගෙදර පැවති තුන්යම් රාත‍්‍රී පරිත‍්‍රාණ ධර්ම දේශනයකට සහභාගී වූ එක් පුංචි සාමණේර ස්වාමින් වහන්සේ නමක් මේ මගුල් බෙර වාදනය අතර තුර මේසය මත විසිරී තිබූ ලදපස්මල් ටිකක් තමුන්ගේ අතෙහි තිබූ වටාපත තිරස් අතට තබා ඒ මත විසිරුවන ලදී. ඒ ලද පස් මල් මගුල් බෙර වාදනයේ රිද්මයට අනුව වටාපත මත රංගනයක යෙදෙන ආකාරය දකිමින් අහිංසක වින්දනයක් ලබනු දුටුවෙමි.

ඇත්තෙන්ම මෙම සිදුවීම අපගේ මනසට හා මනුෂ්‍ය ශරීරයට කරනු ලබන බලපෑම කවර ආකාරයක් ගනු ලබන්නේ දැයි විමසීම තවම කිසිදු ලාංකිකයෙකු සිදු කොට නැතිවාට සැක නැත. නමුත් යම් අවස්ථාවක යමෙකු ඒ සඳහා ඉදිරිපත් වන්නේ නම් අපගේ පූර්ණ සහයෝගය එම පර්යේෂණය සාර්ථක කර ගැනීමට අප ලබා දීමට සූදානම් බව ද මෙතුළින් පෙන්වාදීමට කැමැත්තෙමු.

එපමණක් ද නොව, අළුතෙන් නිවසක් සෑදීමට බහිරව පූජාවක් තැබීමේ දී කපු නූලකින් තුන් පටක් වන සේ තුන්නූලක් බවට පත් කොට සීමාවේ සතර කොණ සාදනු ලබන පහන් පැල් හතර සම්බන්ධ කොට මධ්‍යයේ තබා කැප කරන බහිරව තටුවට සම්බන්ධ කරයි. බහිරව පූජාවක දී කරනු ලබන මන්ත‍්‍ර ජපය තුළින් ඇති කරනු ලබන ශක්තිය මෙම පිරිත් නූල ඔස්සේ ගමන් කරමින් පොළවේ පවතින ස්වාභාවික චුම්භක බල රේඛා පද්ධතිය හා මිශ‍්‍රවීමක් සිදුවෙයි. එම භූමි පරිශ‍්‍රය තුළ සිදු කරන අත්තිවාරම් කැපීම්, බැමි බැඳීම් ආදියෙන් වන ස්වාභාවික චුම්භක බල රේඛා, ඛණ්ඩනය ගොඩනගන නිවසේ පදිංචි වන තැනැත්තන් හට කිසිදු දොසක් හට නොගැනීම සඳහා බලපානු ලබයි.

මේ සිදුවීම කළින් සිදුවීම හා සන්සන්දනාත්මකව විමසා බැලීමේ දී පැහැදිලිවන කරුණු කිහිපයක් වෙයි. එනම්, බහිර පූජාවක් හෝ වෙන යම් පූජාවක දී නැතහොත් පිරිත් සජ්ඣායකයක දී බෙරහ`ඩ සමග ඒ අවකාශය තුළ ඇතිවන ශක්ති විභවීකරණය යම් වස්තුවක් වෙත ආරෝපණය කිරීමක් සිදු කරනු ලබයි.

ශබ්ධ නිශ්පත්ති ස්ථාන නැතහොත් ශබ්ධය උපදනා තැන් වශයෙන් මනුෂ්‍ය ශරීරය පමණක් ගෙනහැර දැක්විය නොහේ. මන්ද? මනුෂ්‍ය ශරීරය හැර ශබ්ධ නිශ්පත්ති ස්ථාන රැුසක් අප අවට අවකාශය තුළ පවතින බැවිනි. මෙයිනුදු පංචාංගික තුරිය නාද වශයෙන් සලකන ආතත, විතත, විතතාතත, සුසිරය හා ඝන යන උපකාරණ ආශ‍්‍රයෙන් මිනිසාගේ මැදිහත්කරණය සමගින් ශබ්ධ ඉපදීම සිදු වෙයි.

මෙයට ද අමතරව ස්වභාව ධර්මයා තුළ ස්වාභාවික ශබ්ධ නිශ්පත්තීන් නොයෙත් තන්හි හටගනී. හෙණ හ`ඩ හා නොයෙක් ආකාර වූ වස්තූන්ගේ ඝට්ඨනයෙන් විවිධ වූ ශබ්ධ හට ගන්නා බව ස්භාවධර්මයා අපට පෙන්වා දී ඇත. මුහුදේ රළ නැගෙන හ`ඩ ද වර්ෂාව පවතින අවස්ථාවක වැසි දිය පොළවට පතිත වන හ`ඩ ඒ අතර දැකිය හැකි අවස්ථාවන් ලෙස දැක්විය හැකිය. සුළඟ හමන විට සුළෙඟ් ශක්තියට අවනත වන ගස්වැල් ඒ මේ අත වැනෙමින් නඟන හ`ඩ තව ද එක් අවස්ථාවක් ලෙස පෙන්වාදිය හැකිය.

දැඩි හිරු රශ්මියෙන් පීඩනයට පත් වන පොළොව නඟන වියළි ශුෂ්ක ශබ්ධය පොළවෙන් ඇතිවන ශබ්ධයකි. මේ අතර පෘථිවි ඝර්භයේ වන පීඩනය තුළ පොළව මතුපිටට පැමිණීමට වෙර දරන ලෝදිය නැතහොත් ලාවා යනුවෙන් හඳුන්වන උණු වී කැකෑරෙන යපස්වල ඇතිවන පීඩනය තුළ තවද නෙක ශබ්ධ ඇති කරයි. මේ සියළු බාහිර පරිසරයේ ඇතිවන ශබ්ධ පිළිබඳ අපගේ අවධානය යොමු කර බලන විට දී පෙනී යන කරුණු රැසක් මෙතුළින් අපට ගෙනහැර දැක්විය හැකිය.

විශේෂයෙන් මනුෂ්‍යයාගේ මැදිහත්කරණය සමගින් පංචාංගික තූර්ය වාදන භාණ්ඩ මතින් බිහිවන ශබ්ධයන් දෙස බැලීමේ දී මෙම විෂයය පිළිබඳ නොයෙක් විශේෂඥ දැණුමින් යුතු පණ්ඩිත රත්නයන් විසින් මේ සම්බන්ධයෙන් ගෙන හැර දක්වන ලද කරුණු පිළිබඳ අපගේ අවධානය යොමු කර බැලීම ඉතාමත් වැදගත සේ අප සලකනු ලබයි.

ලෝක ධර්මතාවයන්හි පවතින සනාතන ධර්ම ස්වභාවය බුදුරදුන් දේශනා කොට වදාළේ සියළු සචේතනික හා අචේතනික සමස්ථය උප්පාද ඨිති භංග යන අවස්තා තුනට අවනත බවයි. මෙකී අවනත භාවයට අභියෝග කරමින් උග‍්‍ර ශිව භක්තිකයෙකු වූ ලංකාධීශ්වර පදවියෙන් පිදුම් ලද රාවණා රජු විනාශස්වභාවයට අධිපතිත්වය දැරූ ශිව දෙවියන් වෙතින් අමරණීයත්වය සඳහා වර ලද බව වාල්මිකී මුණිවරයා විසින් රචිත රාමායනය ග‍්‍රන්ථයේ දී පැහදිළි කොට ඇති බව ඔබට සිහි කට යුතුය. මන්ද? ශබ්ධය පිළිබඳ කරුණු සැළකීමේ දී රාවණා රජු ශබ්ධ විද්‍යාව අතින් පරප‍්‍රාප්ත වූවෙකු වූ අතර ඔහු වෙතින් ශබ්ධය හා බැඳි ඉතාමත් භාරදූර නිර්මාණ රැසක් නිර්මාණය වී ඇති බව පෙන්වාදිය හැකිය.

සියළු ශබ්ධ පරයා අමරණීයත්වය ලැබීම සඳහා ශබ්ධය උපයෝග කර ගත් ඔහු ඒ පිළිබඳ මනා කුසලතාවයකින් යුක්ත වූ අයෙකු බව ඔහු හා බැඳි පුරාණෝක්ති සාක්‍ෂ දරයි. නමුත් පංචාංගික තූර්ය ශබ්ධ පිළිබඳ අතීතාවර්ජනයක යෙදෙන විට දී පෙනී යන පරිදි කිතු වසින් සිව්වැනිි සියවසේ දී වික‍්‍රමාදිත්‍ය චන්ද්‍රගුප්ත රජුගේ රාජ සභාවෙහි සේවය කළ ධන්වන්තරී, ක්‍ෂපණක, අමරසිංහ, ශංකු, වේතාලභට්ඨ, ඝර, කර්පර, කාලිදාස, වරාහමිහිර යන නව රත්නයන් නැතහොත් පණ්ඩිත භාවයෙන් යුතු විශේෂඥ පුද්ගලයන් විසින් මෙම ශබ්ධ මාධුර්යයේ විවිධ අවස්ථාවන් භාවිත කරනු ලබන උපකරණ අනුව ප‍්‍රධාන අවස්ථා හතරකට බෙදා දක්වන ලද බවට අමරකෝෂය ශාක්‍ෂ දරයි.

එසේම කිතු වසින් හත, අට, නමවැනි සියවස් තුළ වාසය කරන ලදැයි සැලකෙන නාරද මුණිවරයා විසින් රචිත සංගීත මකරන්දයෙහි දී ඔහු විසින් එකී ශබ්ධ මාධුර්යය නිශ්පත්ති ස්ථාන පහකට බෙදා දක්වයි. ඒ පහ තුළ අමරකෝෂයේ දැක් වූ සිවුතුරිය ශබ්ධ මාධුර්යය නිශ්පත්ති ස්ථානවලට අමතරව දක්වනු ලබන්නේ මනුශ්‍යයාගේ කටහ`ඩයි.

නමුත් ආතත, විතත, ආතතවිතත , සුසිරය හා ඝන යන උපකාරණ ආශ‍්‍රයෙන් මිනිසාගේ මැදිහත්කරණය සමගින් ශබ්ධ ඉපිදවීම පිළිබඳ ප‍්‍රබල සඳහනක් මුල්වරට දැක්වෙන්නේ වංසත්තපකාසිනිය නම් වූ මහාවංශ ටීකාවෙහිය.

මේ සියළු කරුණු පිළිබඳ ගැඹුරු විග‍්‍රයක යෙදෙන විට දී පෙනී යන කරුණු රැුසක් වෙයි. ධ්වනිය, ඒ තුළ ශබ්ධ විද්‍යාව හා ශාන්තිකර්ම යන ක‍්‍රියා සමුදාය මිනිසාගේ මානසික සංවර්ධනයේ, තීරණාත්මක හා සංවර්ධනාත්මක අවධියක් සනිටුහන් කරන බව පෙන්වාදිය හැකිය. නමුත් මෙම වකවානුව මෙම වික‍්‍රමාදිත්‍ය චන්ද්‍රගුප්ත රජුගේ කාල වකවානුව තුළ පමණක් නොව ඊට පෙර ද මෙබඳු තත්වයන් මානව සමාජය තුළ නිර්මාණය වී ඇති බවට අනේක සාක්‍ෂි වෙයි.

එසේම මෙකී සියළු ශබ්ධ ග‍්‍රහණය කර ගන්නා මනුෂ්‍ය ශරීර ගත අවයවය නැතහොත් ශබ්ධ ග‍්‍රාහකය ලෙස මිනිසාගේ සවණේන්ද්‍රිය පෙන්වාදිය හැකිය. සවනේන්ද්‍රියෙහි ඇති සියුම් සමකින් නිර්මාණය වී ඇති කණ් බෙරය මත ඇතිවන කම්පණය මතින් ජනිත වන ස්නායු ආවේග හා මිශ‍්‍ර වී ඇති ඉලෙක්ට්‍රොණික ධාරාවන් සියුම් කේශ නාලිකා බඳු ස්නායු මගින් මොලය හා සම්බන්ධිත වී පූර්ව අනුභූතික ශබ්ධ රූප හා සැසඳීමක් කොට අදාළ ශබ්ධ කවරේදැයි හඳුනාගැනීම කරයි. ඒ අනුව ප‍්‍රතිචාර දක්වයි.

අප ඉතා සුළු කොට සලකන නමුත් මෙම ක‍්‍රියාවලිය මොලයේ පවතින ඉතා සංකීර්ණ ක‍්‍රියාවලීන්ගෙන් එකක් වශයෙන් පෙන්වාදිය හැකිය. මෙම ස්නායු ආවේග මොලය හා සම්බන්ධිත පූර්ව අනුභූතික ශබ්ධ රූප ගබඩා වී ඇති මොලයේ ශෛල දේහ හා සන්සන්දනය කරමින් සිදු කරනු ලබයි. නූතන විද්‍යාඥයන් පවා තවමත් පර්යේෂණ කරන පුද්ගල මතකය සම්බන්ධයෙන් හා මතක ගබඩාව සම්බන්ධයෙන් විවර කර ගනු නොලැබූ රහස් තවමත් හෙළි කර ගෙන නැත.

බුදුරදුන් වරෙක පෙන්වා දුන්නේ ‘සිත’ හෘදය වස්තුව ආශ‍්‍රය කරගත්  පතක් පමණ ලේ ධාතුව ඇසුරු කරගනිමින් රැුඳෙන ශක්ති විශේෂයක් බවයි. මෙහි ස්වභාවය පැහැදිළි කිරීමට උන් වහන්සේ ගත් උත්සාහය ධම්මපදය නමැති කෘතියේ දී පෙන්වා ඇති බොහෝ ධර්ම පාඨ වලින් පැහැදිළි වෙයි.

මතකය හා සිත පිළිබඳව කායික හා මානසික වෛද්‍යවරු විවිධ පර්යේෂණයන් සිදුකර ඇත. එසේ සිදුකරන ලද පර්යේෂණයන් මනෝවිද්‍යා විෂය ධාරාව ඔස්සේ ද සමාජ මනෝවිද්‍යා විෂය ධාරාව ඔස්සේ ද පැහැදිළි කර ඇත. විශේෂයෙන් ඉන්ද්‍රිය බද්ධ ප‍්‍රතිචාර දැක්වීම හා  කායික චාලක ක‍්‍රියා සම්බන්ධයෙන් හෝර්මෝනයන්ගේ බලපෑමක් හා රසායනික ක‍්‍රියාවලියක් බලපානු ලබන බව ඔවුහු අනාවරණය කරගෙන ඇත. මෙහි දී පුද්ගල මනසේ හෙවත් මොලයේ කේශ නාලිකා බඳු සියුම් ස්නායු පද්ධති විවිධ වූ වින්දනයන් ලබාගැනීම සඳහා නිර්මාණය වී ඇති බව හඳුනාගෙන ඇත.

සතුට, දුක, වේදනාව, සිනහව, හැ`ඞීම, කඳුළු වැගිරීම හා අවයවයන්හි චලනයන් ද සම මත සිදුවන ශ්පර්ශයන් ද ග‍්‍රහණය කර ගනිමින් කුඩා බිළිඳාගේ පටන් වියපත් මහල්ලා තෙක් පුද්ගලයින්ගේ වර්ධනයත් සමග පූර්ව අනුභූතික විෂය පරාසයන් ඔවුහු පුළුල් කර ගනිති.

මතු සම්බන්ධයි

Comments are closed.