ධ්වනිය, ශබ්ධ විද්‍යාව හා ශාන්තිකර්ම


අප අවධානය පළමුවෙන්ම ලෝක සත්වයා වෙත යොමු කරමු. ලෝක සත්වයා ගණයෙහි ලා මේ පෘථිවි තලයේ වාසය කරන සෑම සත්වයෝම ඇතුළත් වෙති. මේ ලෝක සත්වයාගේ ස්වභාවය විමසීමේ දී බුදුරදුන් පෙන්වා දුන් පරිදි ඔවුහු ‘සුඛකාමා – දුක්‍ඛ පටික්‍කූලා’ ගණයට වැටෙන්නෝ වෙති. සැපය පමණක් සොයමින් දුක පිළිකෙව් කරන සමාජයක සාමාජිකයන් වශයෙන් නිරන්තර සැප සොයමින් දුක්ඛ දෝමනස්සයන් බැහැර කිරීමට වෙර දරති. ඒ අතරම දුක්ඛ දෝමනස්සයන් බැහැර කිරීම සඳහා නව සොයාගැනීම් ද කරති. එම සොයාගැනීම් සඳහා විවිධ විධික‍්‍රම උපයෝග කරමින්, විවිධ වූ විෂය ක්‍ෂේත‍්‍රයන් ඔස්සේ ක‍්‍රියාත්මක වෙති.

මේ අතර ඇතමෙක් දුක ප‍්‍රතික්‍ෂේප කිරීමට විවිධ මාධයයන් උපයෝග කරගනිමින් සිටිනා බව පැහැදිළි සත්‍යයකි. ඇතමෙක් තාක්‍ෂණය ඒ සඳහා භාවිත කරයි. දැඩි අවු රශ්මියෙන් යුතු දිනයක පවතින දාහය නිවා ගැනීම සඳහා තාක්‍ෂණය උපයෝග කරමින් නිපදවන ලද විදුලිපංකාව භාවිත කරයි. තවත් තෙකෙනෙක් ඒ සඳහා විදුලියෙන් ක‍්‍රියා කරවන වතුර මලක් අසළට විත් හිඳියි.

තවත් අයෙක් දුක පිළිකෙව් කිරීම සඳහා ආගම දහම වෙත නැඹුරු වන බව දැක ගත හැකිය. ආධ්‍යාත්මක සුවය තුළින් පුද්ගල ශරීරගත සියළු දොස් නැතිකිරීමට ඔවුහු සමත් වෙති.

මේ අතර අනාදිමත් කාලයක සිට ලෝකයේ මූල ධාතූන් සහ ලෝකයේ ශක්තීන් කෙරෙහි විශේෂයෙන් මිනිසාගේ අවධානය යොමු විය. මෙසේ විවිධ මාවත් වෙත යොමු වූ මිනිසා විසින් සොයාගනු ලැබූ ශක්තීන් අතුරෙන් මිනිසාගේ සවනේන්ද්‍රිය පාදක කරගත් ශබ්ධය නැතහොත් ධ්වනිය ප‍්‍රධාන ස්ථානයක් ගනී.

සවන නැතහොත් කණ ධ්වනිය සඳහා ද්වාරයක් ලෙස ග‍්‍රාහකයක් ලෙස භාවිත කරයි. මේ අතර පුද්ගලයාගේ මුඛය නැතහොත් කට ධ්වනි නිශ්පාදනාගාරයක් නැතහොත් ධ්වනි නිශ්පත්ති ස්ථානයක් වශයෙන් පෙන්වා දිය හැකිය. මුඛයෙන් උපදනා සියළු ශබ්ධ, ධ්වනි ගුණයෙන් යුක්තය.

ඇත්තෙන්ම ශබ්ධය එකකි. ධ්වනිය අනෙකකි. ශබ්ධයේ දී ඇතිවන්නේ චලනයක් සමග ඇතිවන ශක්තියකි. මෙම ශක්තිය විද්‍යුත් ශක්තිය ලෙස සරලව පෙන්වාදිය හැකිය. එම ශක්තියෙහි ධ්වනි ග‍්‍රාහකයට හසුවන සංඥාව ධ්වනි ගුණය ලෙස පෙන්වාදිය හැකිය.

පහත රූප සටහනෙහි දැක්වෙන්නේ ඉහත සඳහන් කරන ලද චලනයන් මුඛයේ සිදුවන ස්ථරයන්ය. මෙම ස්ථරයන්හි ඇති පේශීන්ගේ චලනයන් හේතුවෙන් උපදනා විද්‍යුත් ශක්තීන් වාතයට මුසුවීමේ දී ධ්වනි ගුණයෙන් යුක්තව බිහිවෙයි.

මේ සමග වන ධ්වනි ගුණය පුද්ගල අවශ්‍යතා අනුව විවිධ වූ රටාවන් ඇසුරු කරමින් නිපදවයි. එම විවිධ රටාවන් පුද්ගලයාගේ සවනේන්ද්‍රිය ඇසුරු කරමින් ස්නායු අවේගයන් මගින් මනසට ලබාදෙන සංඥාව අනුව පුද්ගලයා ධ්වනිය අර්ථවත් කර ගනියි.

මෙසේ ධ්වනිය නැතහොත් ශබ්ධය මුල්කර සමස්ථ ලෝකය අරුත් ගන්වා ඇත. එය වෙනත් අයුරකින් පවසන්නේ නම්, ලෝකයේ සියළු සවිඥාණික හා අවිඥාණික ද්‍රව්‍යයන් හෝ පුද්ගලයන් ශබ්ධ රූප මගින් වෙන් වෙන් වශයෙන් හඳුනාගත හැකි ආකාරයට සම්මත කර ඇත. නැතහොත් ලේබල්කරණයට ලක්කොට ඇත.

මෙසේ ලේබල්කරණයට ලක්කොට සම්මත කොට ඇති සමස්ථ ලෝක ධාතුව ද ඇතුළත් වන්නා වූ මුළු විශ්වයට ම පවා අළුත් ලේබල් අලවමින් අවබෝධ කරගැනීමට උත්හාස දරමින් සිටින බව ලෝකයේ බිහි වී ඇති අතිමහත් ඥාණ සම්භාරය දෙස බැලීමෙන් තේරුම්ගත හැකිය.

මෙසේ ලෝකයේ බිහි වී ඇති සමස්ථ ඥාණ සම්භාරය පෙරදිග හා අපරදිග යනුවෙන් වෙන් වෙන් වශයෙන්
ලේබල් අලවා ඇති බව ප‍්‍රථමයෙන් ම අවබෝධ කට යුතු කරුණකි.

සමස්ථ පද්ධතියේ විවිධ වූ කරුණු ඉටු කරගැනීම සඳහා ශබ්ධය නැතහොත් ධ්වනිය උපයෝග කරගන්නා ආකාරය මන්ත‍්‍ර විද්‍යාව දෙස බැලීමේ දී පැහැදිලි කරගත හැකිය.

කොළඹ වේල්ල වීදියේ රත්නාකර පොත් වෙළඳ ශාලාව මගින් ප‍්‍රකාශයට පත් කරන ලද ආශ්‍යමානස සෘෂිවරයා විසින් රචනා කරන ලද යන්ත‍්‍ර කක්‍ෂ නම් කෘතියෙහි පෙන්වාදෙන ආකාරයට මන්ත‍්‍රවිද්‍යාව හා බැඳි විශේෂ ක‍්‍රියා අට ආකාරයක් ගනියි.

  1. වෂී කර්ම
  2. ආකර්ශන කර්ම
  3. විද්වේශන කර්ම
  4. පේසන කර්ම
  5. ස්ථම්භන කර්ම
  6. උච්ඡුාටන කර්ම
  7. මාරණ කර්ම
  8. මෝහන කර්ම

මෙයාකාර වූ විවිධ ක‍්‍රියාවන් ප‍්‍රස්ථාර ගත කරන ලද ශබ්ධයේ විවිධ රටාවන් උපයෝග කරගනිමින් ඉටු කරගැනීමට අතීතයේ විසූ පුද්ගලයින් සමත් වූ බව නොරහසකි. බටහිර ලෝකයේ අළුතින් බිහි වූ ශාස්ත‍්‍ර හා විද්‍යාවන් ඇසුරු කරගනිමින් මෙම ශබ්ධයේ නැතහොත් ධ්වනියේ විවිධ වූ ශක්තීන් නැතහොත් හැකියාවන් කවරේදැයි නවතම පර්යේෂණවල නියැලෙන විද්වතුන් විද්‍යාත්මකව ඒ බව තහවුරු කරගනිමින් සිටියි.
මේ අතර Fabien Maman  නැමැත්තා විසින් රචිත The Role of Music in the Twenty-First Century හ නමැති කෘතියේ දී පිලිකා ශෛලවල ප‍්‍රතිදේහයන් ඛණ්ඩනය සඳහා විවිධ සංගීත භාණ්ඩයන්ගෙන් මෙන්ම මනුෂ්‍ය කටහ`ඩින් නිපදවන ශබ්ධ උපයෝග කරගත හැකි බව පර්යේෂණාත්මකව ඔප්පු කර ඇති බව පෙන්වා දෙයි. එසේම ශබ්ධ සහ වර්ණ සහසම්බන්ධිත භාවිතයේ දී රෝග නිධානයන් ඒ ඒ ශරීරාවයවයන් හි ඇති කරවන බවත්, ශරීරයේ ස්ථානයන් හතක් (7) ඇසුරු කර ගනිමින් ඇති ශක්ති චක‍්‍ර (energy centers or chakras) සංගීතයේ දී භාවිත කරන සප්ත ස්වර හා බැඳි වර්ණාවලීන් සමග සහ සම්බන්ධිතව ක‍්‍රියාත්මක වන බවත් පෙන්වා දෙයි.
එම විස්තර පහත දැක්වෙන වගුවෙන් පෙන්වා දී ඇත.

Energy Center
ශක්ති ස්ථාන
Location
ශරීරාවයව
Element
මූල ද්‍රව්‍ය
Issues
භාවිතයන්
Right
භාවිතයන් ක‍්‍රියාත්මක වන අයුරු
Color
වර්ණ
Note
ස්වර
1 st Root
Base of spine
Earth
Physical needs
To have
Red
C
2nd Sacral
Lower abdomen
Water
Sexuality, emotions
To feel
Orange
D
3rd Solar Plexus
Solar plexus
Fire
Power, vitality
To act
Yellow
E
4th Heart
Heart
Air
Love
To love
Green
F
5th Throat
Throat
Sound
Communication
To speak
Blue
G
6th Third Eye
Brow
Light
Intuition
To see
Indigo
A
7th Crown
Top of Head
Thought
Understanding
To know
Violet
B

මෙලෙස පැහැදිලි කර ඇති ශබ්ධ හා වර්ණ මනුෂ්‍ය ශරීරයේ ඒ ඒ ශක්ති චක‍්‍ර ස්ථාන හා බැඳී ඇති අයුරු පහත දැක්වෙන රූප සටහනෙන් ඔබට දැකගත හැකිය.
මේ අතර අප කළින් පෙන්වාදුන් මන්ත‍්‍ර විද්‍යාව හා බැඳි අෂ්ට කර්මයේ සඳහන් ක‍්‍රියාවලීන් ඉටු කරගැනීම සඳහා සප්ත ස්වර භාවිත කරන ආකාරය අප විමසිලිමත් විය යුතු කරුණකි. 
උදාහරණයක් ලෙස ජ්‍යෝතිෂ විද්‍යාවේ දී පෙන්වාදෙන සෙනසුරු ඒරාශ්ඨක අපලය සලකන්න. මෙම සෙනසුරු ඒරාශ්ඨකයෙන් අත්මිදීම සඳහා සිදුකරන ශාන්තිකර්මයක් වන මහා මෘතුංජය යන්ත‍්‍රය ජීවම් කරන මහා මන්ත‍්‍රය පහත දක්වා ඇත්තෙමු.
 ඕම් ත‍්‍රියම්භකම් යජාමහේ – සුගන්ධිං පුෂ්ඨි වර්ධනං
ඌර්වාරුකමිව බන්ධනාම් – මෘත්‍යෝර් මුක්‍ෂීය මාමෘතාත්
මෙම මහා මන්ත‍්‍රයේ සංඛ්‍යාත ප‍්‍රස්ථාරය පහතින් දක්වා ඇත්තෙමු.
මතු සම්බන්ධයි –  

2 responses to “ධ්වනිය, ශබ්ධ විද්‍යාව හා ශාන්තිකර්ම

  1. ඔය මන්තර ගැන නං මං දන්නෙ නෑ. හැබැයි චක්‍ර අනුව ශබ්ධය පාවිච්චි කිරීමෙන් නිර්මාණය කරපු සංගීතය නං මං හරිම ආසයි.

  2. මම හරිම ආසයි මේක ඉගෙන ගන්න.පොඩ්ඩක් විතර දන්නවා..එලම එල. ඔක්කොම ලිපි කියවන්න ඕනා/බිඟුවා…!