පහතරට නර්තන සම්ප‍්‍රදායේ අන්තර්ගත ශාන්තිකර්ම


පහතරට නර්තන සම්ප‍්‍රදායේ අන්තර්ගත ශාන්තිකර්ම ශ‍්‍රී ලංකාවේ බටහිර, නිරත සහ දකුණු මුහුදුබඩ ප‍්‍රදේශයන්හි වැඩි වශයෙන් ප‍්‍රචලිත පහතරට නර්තන සම්ප‍්‍රදාය විචිත‍්‍රත්වයෙන් අනූන වූ ශාන්තිකර්ම රැුසකින් සමන්විත වූවකි. 


මෙම නර්තන සම්ප‍්‍රදායේ ප‍්‍රධාන වාද්‍ය භාණ්ඩය වන්නේ පහතරට බෙරයයි. මේ සඳහා දෙවොල් බෙරය, යක් බෙරය, රුහුණු බෙරය, ඝෝෂක බෙරය, සමුද්‍රඝෝෂ බෙරය, දිග් බෙරය ආදී වූ පර්යාය න්‍යායන් රැුසකි. සබරගමු පළාතේ ඇතැම් ප‍්‍රදේශවල කිඳුරු බෙරය නමින් හැඳින් වෙන්නේ ද මෙම බෙරය මය.  

පහතරට නර්තන සම්ප‍්‍රදාය ප‍්‍රාදේශීය වශයෙන් අනු සම්ප‍්‍රදායයන් තුනකට බෙදෙයි. මාතර, බෙන්තර සහ රයිගම් කෝරළයේ සම්ප‍්‍රදාය යනුවෙනි. මෙම සම්ප‍්‍රදායයන්වල නර්තන හැඩතලවල මෙන්ම වාදනයේ දී ශාන්තිකර්ම පූජාවිධි රටාවල දී කවි ගැයෙන නාද මාලාවලි දීී මෙන්ම චාරිත‍්‍ර වාරිත‍්‍රවල දී ඒ එක් එක් ප‍්‍රදේශයට අනන්‍ය වූ ලක්‍ෂණ දැකිය හැකිය.  

මාතර හා හම්බන්තොට දිස්ත‍්‍රික්ක පුරාම සහ ගාල්ල දිස්ත‍්‍රික්කයේ දකුණු ප‍්‍රදේශයේ ප‍්‍රචලිත පහතරට සම්ප‍්‍රදායේ මාතර ශෛලිය බෙන්තර හෝ රයිගම් කෝරළ ශෛලියට වඩා විශේෂිත වූ චලන සම්ප‍්‍රදායකින් සැදුම් ලද්දකි. බෙන්තර ශෛලියේ සහ රයිගම් කෝරළය ශෛලියේ දී නර්තනයේ හස්ත පද ක‍්‍රම බොහෝ විට සමාන ලක්‍ෂණ දක්වයි.  

ගාල්ල දිස්ත‍්‍රික්කයේ උතුරු ප‍්‍රදේශයෙත් කළුතර දිස්ත‍්‍රික්කයේ දකුණු ප‍්‍රදේශයෙත් ප‍්‍රචලිතව පවත්නා බෙන්තර ශෛලිය නවීකරණයට හසු නොවූ රංග සම්ප‍්‍රදායයක් ලෙස හැ\ින්විය හැකිය. මෙහි ශාන්තිකර්මවල පවා සාම්ප‍්‍රදායිකත්වය නොනැසී පවතින බැව් පෙනේ. ඍයිගම් කෝරළයේ ශෛලිය ඒ නමින් හැ\ින්වුව ද සල්පිටි කෝරළය (කොළඹ)හේනගම් කෝරළය සහ සියනෑ කෝරළය (ගම්පහ) යන ප‍්‍රදේශ තුළ ද ප‍්‍රචලිතව ඇත්තේ එම රංග සම්ප‍්‍රදායම ය. කළුතර දිස්ත‍්‍රික්කයේ හොරණ, ඉංගිරිය බණ්ඩාරගම ය නප‍්‍රධාන නගර ඇතුළත් රයිගම් කෝරළයේ මෙම රංග ශෛලිය පරිපූර්ණත්වයට පත්ව ඇත.  

ශාන්තිකර්ම පහතරට නර්තන ක‍්‍රමයේ අන්තර්ගත ශාන්තිකර්ම රාශියකි. ඒවා දේවියන් යකුන් වෙනුවෙන් සහ නවග‍්‍රහයන් වෙනුවෙන් පැවැත්වේ. දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන ශාන්තිකර්ම ”මඩු” ශාන්තිකර්ම යනුවෙන් හැඳින්වෙති. දෙවොල් මඩුව, පූනා මඩුව, ගම් මඩුව, මල් මඩුව, ගිණි මඩුව හා දානේ මඩුව යන නම් වලින් හැඳින්වෙන මෙම ශාන්තිකර්ම පත්තිනි දෙවියන් ප‍්‍රමුඛ ස්ථානයේ තබාගෙන සිදු කරයි. 

මෙම මඩු ශාන්තිකර්මවල පූජා විධි රටාවේ යම් තරමක සමානත්වයක් දැකිය හැකිය. එසේ නමුදු ඒ ඒ ශාන්තිකර්මයේ නමට අදාළව පූජා විධි රටාවට විශේෂිත වූ අංගයක් එක් වී ඇත. උදාහරණයක් ලෙස දක්වතොත් පූනා මඩුවේ දී රාත‍්‍රී යාම තුනට පූනාව පේ කරන අතර එය එම ශාන්තිකර්මයේ විශේෂත්වයයි. මඩු ශාන්තිකර්ම බොහෝ සේ ප‍්‍රචලිතව ඇත්තේ රයිගම් කෝරළ රංග ශෛලිය තුළය. එසේ වුව ද මාතර ප‍්‍රදේශයේ ද දෙවොල් මඩුව නමින් ශාන්තිකර්මයක් පැවැත්වෙයි.  

පහතරට නර්තන සම්ප‍්‍රදායේ ප‍්‍රධාන ශාන්තිකර්ම කිහිපයකි. ”සූනියම් යාගය හෙවත් මැණික්පාල ශාන්තිය”, ”මහසොහොන් සමයම”, රට යකුම හෙවත් රිද්දි යාගය”, ”දහ අට සන්නිය හෙවත් සන්නි යකුම”, ”කළුකුමාර සමයම”, ”බලි යාගය” සහ ”දෙවොල් මඩුව” එම ශාන්තිකර්ම වෙයි. මීට අමතරව සුළු ශාන්තිකර්ම වශයෙන් සැළකිය හැකි ගෘහාශ‍්‍රිත ශාන්තිකර්ම රාශියක් මෙම නර්තන සම්ප‍්‍රදාය ආශ‍්‍රිතව පැවැත්වෙයි.  

මඩු ශාන්තිකර්ම පැවැත්වෙනුයේ දෙවියන් මූලික කරගෙන බව අප විසින් ඉහත සඳහන් කරන ලදී. එසේ නමුදු යක් මඩු නමින් හැඳින්වෙන ශාන්තිකර්මයක් සියනෑ කෝරළයේ පැවැත්වේ. ප‍්‍රාදේශිය වශයෙන් පුද ලබන යකුන් සහ දෙවියන් මූලිකවන මෙම ශාන්තිකර්මය සඳහා කොහොඹා කංකාරියේ පුද ලබන දෙවියන්ගේ ආභාෂය ලැබී ඇති බව පෙනෙයි. පහතරට සම්ප‍්‍රදායේ ශාන්තිකර්ම පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡුා කළ යුතුය. 

ඒවායේ අන්තර්ගත උපත් කථා සාහිත්‍ය සහ කාව්‍ය සාහිත්‍යයත්, වාදන ක‍්‍රම සහ නර්තනයේ පද භාවිතයන් ඉතාමත් සංකීර්ණ තත්වයේ පවතී. එසේම ඒ එක් එක් ශාන්ති කර්මයේ මනෝ චිකිත්සාව පිළිබඳව ද ගැඹුරින් විශ්ලේෂණය කළ යුතු වෙයි. 

මේ ශාන්තිකර්මවල ඇති නාට්‍යමය ලක්‍ෂණ වෙනමම සාකච්ඡුා කළ යුතු අංශයකි. අශ්ටාංග ආයුර්වේදයට අයත් එක් අංගයක් වන භූත වෛද්‍ය විද්‍යාවට අයත් ශාන්තිකර්ම සඳහා භාවිතයට ගන්නා ද්‍රව්‍යවල ඇති ඔෂධීය ගුණ පිළිබඳව සාකච්ඡුා කිරීම එය තවත් පැතිකඩකි. පැරණි නිර්මාණකරුවන් විසින් නිර්මාණය කෙරුණු ශාන්තිකර්ම වර්තමානය දක්වා පැවැත්මට ද යම් ආකාරයක හේතු තිබිය යුතුය. 

ලෝකය එකම ගම්මානයක් ලෙස සලකන නවීකරණය වූ නවීන විද්‍යාවට කෙතෙක් දුරට අනුකූල වන්නේ ද යන්න සොයා බැලිය යුතු අංශයකි. තත් කාලීන සංස්කෘතීන් තුළින් ශාන්තිකර්මයන්ට යම් යම් අංග එක් වී ඇත්ද? එසේ නම් ඒවායින් ශාන්තිකර්මයට යම් බලපෑමක් සිදුවී ඇත්ද? ආදී වශයෙන් ශාන්තිකර්ම පිළිබඳව සොයා බැලිය යුතු අංශ රාශියකි. විශේෂයෙන්ම මෙම සුවිශේෂී සංස්කෘතිකාංගය තවත් කෙතරම් කාලයක් අප සමාජයේ පවතී ද යන්න ගැඹුරින් සාකච්ඡුා කළ යුතුව ඇත.  

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සද්ධා උත්පල කන්දගේ මහතා සමග කළ සාකච්චාවක් ඇසුරෙනි (discussion made by M. M. Rohana Wasantha, Librarian of the Social Scientists’s Association and Executive Director of Ritual Counseling Service with the Senior Lecturer Saddha Uthpalakandage at University of Visual and Performing Arts of Sri Lanka)

Comments are closed.